09 ♡

3K 429 177
                                    

3500 + 😒

___________________________

අද අමුතුම රැයකේඒ...
හොඳ සීතල පැය්කේඒඒ...
අඳුරු වලා ගිලිහීඊඊ..
මගෙ හිත සතුටු වෙතීඊඊ..

අන්නාසියෝ කම්සාම්මිදා.....කෝමද කෝමද මගෙ අලංකාර යාලුවනේ...ඔයාලාගෙ වීරයා අද රාත්‍රියේ සීදුව සකුරා සමඟින් ජනහිත පිනවන්නයි මේ සූදානම් වෙන්නෙ...ලස්සනට ඇඳගෙන කරගෙන යන්න එපැයි...මොකද අද තමයි බැජිය ඉස්සරහ මිස්ටර් ඇමීබා හයිලයිට් වෙන දවස...

ගොන් සේන වගේ යන්නත් බෑඤේහ්...සීසන් එක නිසා විසිවිස්තරත් බෑ...තියෙන වැදගත් පෙනුමක් තියෙන ශර්ට් එකක් ගහලා , බකතං කලිසමකුත් ඇන්දා.

සැහ්...කැත බලහන් මගෙ...නෙද්දකින් මේ නෑඹිලි කට් එක නිසා මගෙ පෙනුම හෙනටම අනිත් පැත්තම ගහලනෙ ...තුහ්...
ජෙල් ටිකක් වත් ගාගන්න තිබ්බ නම් එල..කට වහපන් තෝ සක්කිලියා.. සින්නෙක් වත් දැක්කොත් එහෙම ඊට පස්සෙ උන් එකතු වෙලා තියෙන නැඹිලියත් බූ ගාලා දාපිනම් තොටත් අර ඉන්දියාවෙ බ්‍රාහ්මණ අන්කල් කෙනෙක් වගේ තඩි රෙද්දකුත් අරගෙන රජ පවුල් වලට පුරෝහිත කං කරන්න වෙයි...

ඉතින් හොඳයිනෙ..එහෙම උනොත් රට පාලනය වෙන්නෙත් මට ඕන විදියට ..හහ්... සෙල්ලමක් නෙමෙයි මේවා...

තට්ටෙ ගාගෙන ඉන්දියාම යන්න ඕනද මං අහන්නෙ...ඇයි යකෝ මෙරුන් පාට රෙද්දක් පොරෝගත්තනං ගොඩම තමා..උදේ දවල් ගේන පත දාන ගෙඩි ගිලලා ගිලලා සෑට සෑට බතල ඇන්ටෙ කෙනෙක්ට කියලා පොඩි මිල්ක්ශේක් පාරක් දාගෙන ආතල් එකේ ඉන්න තිබ්බා..

ඒ ඇත්තට ඒ පොඩි නංගි නාලා ඇවිල්ලා ඇඳුම් අඳින්න වත් දුන්නෙ නෑනෙ..පව් .. ටවල් එක පිටින් හිටියෙ...එහා පැත්තෙ ඉඳන් හිටපු ඇන්ටිත් බැන්නා කෙල්ලට...මං උඹට කිව්වා ගගා..ඇත්ත ඇත්ත නංගි...බාත්රූම් එක ඇතුලෙදිම රෙදි ඇඳන් ආවනම් ඉවරනෙ...කාගෙන්වත් කුනු කතාත් නෑ..අනේ පව් කෙල්ල..බැනුමුත් ඇහුවා...ඒ බතල ඇන්ටි කිව්ව දේ අහලා ඔයාලා දෙන්නම ඇතුලෙදිම ඇදුම් දාගෙන ආවනම් ඉවරයි...
මේ ලෝකෙ හරි කූරයි සුතර්මා..උඹ නාඩා ඉඳින්..

හෑ..... මම මොකද්ද ඒ කිව්වෙ..අඩේ මට ඔඩ්ඩි විකාරද කොහෙ...

ඔඩ්ඩි දොඩෝන ගමන් මම මේ අපෙ පරෙයි කූඩුවත් එක්ක විලේ ගහක් යටට වෙලා කෑදැත්තෙක් වගේ බෙල්ල කරකෝ කරකෝ හොයන්නෙ මගෙ මී පැටියා පේන්න ඉන්නවද කියලා...රෑ නිසා පේන්නෙත් නෑ අප්පා...බලන බලන තැන අපෙ බැජියෙ ගෑනු...

බැකිය(𝐓𝐊)Where stories live. Discover now