11 ♡

2.1K 400 184
                                    

' ඇස් වහපල්ලා...!! '

' ආ ආ ඇස් වහගනිල්ලා... '

' මොකද මොකද තොපි !! වහනියව් ඇස් ..! '

ඔන්න ඔන්න එනවා එනවා..
සින්නො ටික විලේට සැපත් වෙනවා..
ඔව් ඔව් ඕයි.. කොමන් එකක්..!! හරියටම දවල් 12.30යි..ශික්..අව්වයි ඕයි...මේ පට්ට ගිනි මද්දහනෙත් අපි මේ පුකවල් තලාගෙන විලේ මැද්දෑවෙ ඉඳගෙන ඉන්නවා..
මුන්ට හවසට මීටිං ගන්න කැඩිලා නෑනෙ..ඇයි යකෝ...බලහන් දාඩිය නාගෙන .. නයි කූඹි කාගෙන ආච්චිගෙ දුකක්ද කියහංකො විඳින්නෙ..උන්ට මොකද උන් හොඳට ඇවිල්ලා අපිව වටකරගෙන හිටගෙන ඉන්නවා..අපි එපැයි මෙතන බිම ඉඳගෙන විඳවන්න...

ආ...ව්හ්...ටෞකන්න...මේ තෙල් කූඹි කනවා යකෝ...!!.ඉඳකින් කෑවා පරයා මගෙ කකුල..හිටපිය තොට මම අද !!

ඉඳා...!! කාපිය ආය ඇටේ මගෙ..!! .පිස්සු පකයා..
කැඩුවා බං.....තෙල් කූඹියගෙ ඇඟ මැදින්ම කඩලා දැම්මා..ඇයි පර බල්ලා...ඌයි... ඌ විද්ද එක රිදුනා බං...

' ආ ආ මොකද උඹ ඇඹරෙන්නෙ ඇටේ හිරවෙලාද ! '

' ඇස් වහපිය හුයන්නො..'

ඕයි සින්නෙක් කෑ ගැහුවෙ මට නේද..?අඩේ ඔව් මමනෙ දැඟලුවෙ..ආ මම කූඹියාව මරන්න ඇසුත් ඇරියා..හුටා!!මට තමා කෑ ගැහුවෙ.. ඈ !!! හාල් !!!
අනේ ඇටේ නං හිර වෙලා නෑ හරිත.. කෑ ගහන්න ඕනෙ නෑනෙ ඕකට ඔච්චර ඉතිං..
වෙලාවට අපෙ ඉන් ඇස් වහගෙන..
මම සෙනිකව ඇස් වහගත්තා...උන් කියනකල් අපිට ඇස් අරින්න බෑනෙ..

සෙම් එකේ එක්සෑම්ත් ඉවර උනා විතරයි..පහුවදාම මුන් කොමන් එකක් දාලා..මොනවා කරන්නද..අද ගෙදර යන්නත් හිටියෙ සැක්... මදෑ..දැන් ඉතින් මේකට ඉඳලා හෙටම යනවා..

අද රෑටත් බඩු සෙට් වෙයි ආය..ඇයි යකෝ මේ දවස් දෙක තුනේම අර මගුලට මේ මගුලට මහන්සි උන නිසා රැගක් වත් කෑවෙ නෑ..
දැන් ඉතින් එක්සෑමුත් ඉවරනෙ...අද ශුවර් ඇන්ඩ් ශොට් ඔන්න බලපන් මම ගලේ ගැහුවා වගේ කියන්නෙ..මුන් අද අපිව රැග් කරනවා කිරිල්ලක් ආය ...ලියපු එක්සෑම් එකත් දොඹෙන් යන්නම..

' ආ දැන් ඇස් ඇරපල්ලා... '

' ආ දැන් ඇරපල්ලා...'

' ඒ පාර කෝ තොපි බුදිද..? ඇරපල්ලා.. '

ඇරගෙන ඉන්නෙ යකෝ... ආය මොනාද අරින්න කියන්නෙ ..

බැකිය(𝐓𝐊)Where stories live. Discover now