අරී අහද්දි සෝජුන් දිහා බලන් හිටපු ජන්කුක් ක්ෂණිකව කෙල්ල දිහා බැලුවා.

"ඔව් නූනා.. අන්න එයා ඇවිත් ඉන්නවා.."

"ඒ මොකටද ?? Official වැඩකටද ??"

"නෑ නූනා.. මමත් ඇහුවා ඇයි කියලා.. එතකොට මට කිව්වා නූනාව තනියම හම්බවෙන්න ඕනිලු.. ඒ නිසා ඔයාගේ කැබින් එකට යන්න කියලා.. මභ බෑ කියව්වා.."

"ඊට පස්සේ ??"

අරී ජන්කුක් දිහා ඇස් කොනින් බලන ගමන් ඇහුවා.

"ඊට පස්සේ මට කිව්වේ.. මම අරීට කැමතියි.. මට ඕනි එක එයාට කියන්න.. ඒ නිසා මාව එක්කන් යන්න කියලා.."

සෝජුන් ජන්කුක් දිහා බලන ගමන් කියද්දි අරීත් ජන්කුක් දිහා බැලුවා.. ඇස් දෙකත් රතු කරගෙන ජන්කුක් අරී දිහා බලන් හිටියේ කෙල්ලව ගිලින්න වගේ .

අරී ජන්කුක්ට අසරණ හිනාවක් දැම්මා..

"සෝජුන් එයාට එන්න දෙන්න එපා. මම බිසී කියන්න.."

අරී කියද්දි ජන්කුක්ගේ කෙල්ලගේ ඉණ තදින් මිරිකුවේ කෙල්ලට උන් හිටි තැන් අමතක වෙලා යද්දි..

"නෑ නෑ සෝජුන් .. ගිහින් ඌව එක්කන් එන්න.. ඇවිත් කැබින් එකේ දොරට තට්ටුවක් දාලා හිතින් එකේ ඉදන් දහයට ගනන් කරලා ඔයාම දොරත් ඇරන් ඇතුලට එන්න.. තේරුනාද ??"

ජන්කුක් කේන්තියෙන් කියද්දි සෝජුන් ඔලුව වැනුවා.. ජන්කුක් කරන්න යන්නේ මොනාද කියලා නොතේරුනත් සෝජුන් වැඩේට කැමති වුණේ ප්‍රශ්න අහන්න ගිහින් බොරුවට බැනුම් අහන්න ඕනි වුණේ නැති නිසා..

සෝජුන් කැබින් එකෙන් එලියට යන කොටම ජන්කුක් වාඩුව පුරවගන්න වගේ අරීගේ තොල් වලට බර වුණේ කොල්ලගේ අත් අරීගේ ඉණට තද වෙද්දි..

විනාඩි ගානක් යන කොටත් ජන්කුක් අරීව සිප ගන්න ගමන් හිටියේ.. එතකොටම ජන්කුක් කිව්වා වගේ ම සෝජුන් දොරට තට්ටු කරලා තත්පර දහයකින් දොර ඇරන් ඇතුලට ආවේ අර පිරිමි කෙනත් එක්කමයි..

"ඔප්ස්.මිස්ටර් මම හිතන්නේ ඔයා වෙන වෙලාවක ආවා නම් හොදයි.."

සෝජුන් ආපස්සට හැරිලා කියද්දි ඒ පිරිමි කෙනා අරී දිහත් කෙල්ලව කිස් කරන ජන්කුක් දිහත් පුදුමෙන් බලන් හිටියා..

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now