Her lips

162 28 10
                                    

විනීගේ performance ටික ඉවර වුණ ගමන් එලියට ආපු ජන්කුක් පස්සෙන් ටේ , ජිමින් වගේම යූරත් ආවේ උත්සවය ඉවර වෙන්නත් කලින්. Driving sheet එකේ බර කල්පනාවක හිටපු ජන්කුක් මේ ලෝකේ සිහියට ආවේ කාර් එකේ glass එකට ජිමින් තට්ටු කරපු නිසා.තුන්දෙනාව කාර් එක ඇතුලට ගන්න ඕනි නිසා කොල්ලා door locks ටික ඇරලා දැම්මේ ඒ එක්කම වගේ ජිමින් , ටේ , යූරා කාර් එකට නගිද්දි. ජිමින් ජන්කුක් එක්ක ඉස්සරහ ශීට් එකේ ඉද ගත්ත නිසා යූරට ටේත් එක්ක පස්සෙන් ඉදගන්න වුණා.ජන්කුක්ගේ මූණේ තාමත් වේලුන කදුලු පාරවල් තියනවා දැකපු ජිමින් ජන්කුක් එක්ක කතා කරන්න ගත්තා.

"ඇත්තටම කුකී. මොකෝ බන් උඹට වුණේ?? මම හිතන්නේ ඔය කදුලුවලට ලොකු හේතුවක් ඇති.. එහෙම නේද?"

ජිමින් එහෙම ඇහුවත් කොල්ලත් විනී නිසා අඩලා හිටියේ.. ජිමින් කොහොමත් සංවේදියිනේ.. ජිමින්ට උත්තර දෙන්න කලින් ජන්කුක් කාර් එක start කරලා drive කරන්න පටන් ගත්තා.මේ කතාවට යූරගේ අවධානෙත් ගිහින් තිබුණේ කවදාවත් ජන්කුක්ගේ ඇස්වලින් කදුලු වැටෙනවා එයත් දැකලා නැති නිසා.

"මන්දන්නෑ හියොන්ග්.ඒ music එක , dance එක මට හොදටම දැනුනා.මම ඇදපු චිත්‍ර වලටත් වඩා.. මට ඕනි වුණේ ඒ girlගේ චිත්‍රයක් අදින්න.ඒත් මට ඒක කර ගන්නවත් හරි සිහියක් නැති වුණා ඒක බලන් ඉද්දි. Shit... she is a freaking art hyung.. her every move.. ahh මට ඒක කියන්න තේරෙන් නෑ අප්පා..."

ජන්කුක් steering wheel එකටත් පාරක් ගහලා සද්දෙන් කියද්දි යූරා ගැස්සිලා ගියා.යූරට විනී ගැන ඇති වුණේ තරහක් කිව්වොත් හරි.. මොකද අවුරුදු 2ක් ජන්කුක් එක්ක ඉදලත් යූරට බැරි වුණා කොල්ලගේ හිත දිනා ගන්න.. ඒත් විනීට ඒක කරන්න ගියේ විනාඩි දහයකටත් අඩු කාලයක්.

"අහම්.. අහම්.. එන පොට හොද නෑ ජිමිනෝ.කාටදෝ මල්සරා විදලද කොහෙද😂😂😏"

"අනේ මේ හියොන්ග්.. විකාර නොකියා ඉන්න. එහෙම එකක් නෙමේ වුණේ.but විනී කියන කෙල්ලව නම් කොහොම හරි හොයා ගන්න ඕනි."

ජන්කුක් තීරණයක් ගත්තොත් ඒක වෙනස් නොකරන බව දන්න නිසාම ටේවත් , ජිමින්වත් ඒකට විරුද්ධ වෙන්න ගියේ නෑ.

"හ්ම්.. හැබැයි පුතෝ ඔයාට ඒ කෙල්ලව හොයා ගන්න නම් එච්චර ලේසි වෙන එකක් නෑ.."

Into ur heart ♡~JJK/Completed~On viuen les histories. Descobreix ara