Stay alive

107 31 11
                                    

"තමුසෙට පිස්සුද අරී ??"

මින්ජිගේ කටහඩින් මුලු විලා එකම දෙදරලා යද්දි කම්මුලත් අල්ලගෙන අරී නැගිට්ටේ ඇස්වලින් කදුලු එලියට පනිද්දි..

"කොහෙද හිටියේ මෙච්චර දවස් ආ?? "

අරීගෙ කටින් එක වචනයක්වත් පිට වෙන්නේ නැති පාර මින්ජි කෙල්ලගේ උරහිස් දෙකන් අල්ලන් අඩ අඩ කෑගැහුවේ මේ සති දෙක පුරාවට මින්ජි සිඩ්නිවල අගලක් නෑර කෙල්ලව හොයපු නිසා..

"මින්ජි. ඕක නවත්තලා ඔතනින් අයින් වෙනවා.."

අරී මින්ජිට කෑගහද්දි අරීව අතෑරපු මින්ජි කටකොනේ හිනාවක් එක්ක කෙල්ලට කිණ්ඩියට හිනා වුණා..

"අතාරින්න ?? අතාරින්න කියලද කියන්නේ තමුසේ ආ .. හිතන්න එපා වෑන උන් වගේ අතාරින්න කිව්වාම අතෑරලා යන ජාතියේ එකෙක් කියලා. අනික තමුසේ කොහෙද හිටියේ අරී.. දන්නවද දන්නවද මම බය වුණ තරමක්.."

මින්ජි අතපය දිගෑර දිගෑර අරීට බනින්න ගත්තා..

"මින්ජි මම හොදින් ඉන්නවා පේනවානේ .. "

අරී අහක බලාගෙන කිව්වා..

"හොදින් ඉන්නවා ? අහ් තමුසේ හිතන්නේ මගේ ඇස් පොට්ටයි කියලද හලෝ.. බලනවා සති දෙකට වෙලා තියන දේ. තව ටික දවසක් යන කොට ඇටකටු ටිකත් එලියට පනී.. "

මින්ජි අරී දිහා බලලා කියනකොට අරී බිම බලා ගත්තා..

"මොනාද වුණේ කියනවා මට එදා ආ ??
තමුසේ ඇත්තටම ඒ වගේ ජරා කෙල්ලෙක්ද ??"

මින්ජි කිණ්ඩියට වගේ අහනකොට ඇස් දෙකත් රතු කර ගෙන අරී මින්ජි දිහා බැලුවා..

"මින්ජි.. තමුසෙත් හිතන්නේ මම ඒ වගේ වේ* ගෑනියක් කියලද ආ??

මගෙන් අහන්නේ මොනාද වුණේ කියලා .. කිව්වෙ නැද්ද අර මහ ලොකු මහත්වරු දෙන්නා..

මිනිහෙක්ගේ ඇගක් යටට යට වෙලා මම දුක් විදිද්දි එකෙක් ආවේ නෑ බේර ගන්න .

ආවත් අර ඉරිච්ච ඇදුම පිටින් මහ හෝටලයක් මැද්දේ මාව තනිකරලා ගියා..

අඩුම අඩුම මින්ජි ඔයාවත් හිටියද එදා ??

😭😭😭

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now