The art

455 40 46
                                    

චිත්‍රයකට පණ දෙන්න පුලුවන් අය ලෝකේ බොහොම අඩුයි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම

"අනේහ් දෙයියනේ! ඒ චිත්‍රය ඇත්ත එකක් වගේයි.. ඇත්ත ලෝකේ වගේමයි.. කිසි වෙනසක් නෑ.. ඒක චිත්‍රයක්ද කියලාවත් හොයා ගන්න බෑ"

කියලා කියන්න පුලුවන් චිත්‍ර හොයා ගන්නත් අඩුයි.වස්තු විෂය කර ගන්න දේ ඒ විදියටම චිත්‍රයට නගන්න පුලුවන් ආසියාවේ ලාබාලතම චිත්‍ර ශිල්පියා ජන්කුක් කිව්වොත් හරි.කෙනෙක්ගේ එක වචනයකින් වුනත් කොල්ලට කියන්න පුලුවන්කම තිබුණා ඒ හිත ආස මොන වගේ නිර්මාණයකට කියලත්.පුංචි කාලේ ඉදන්ම පින්සලට හුරු වුණ ඒ අතෙන් ඇදෙන පුංචි රේඛාවක වුනත් කලාත්මක බව ගැබ් වෙලා තිබුණා.හැම අතින්ම දක්ෂයෙකු වුණ ජන්කුක් කියන්නේ චිත්‍ර කලාව තමන්ගේ ජීවිතේම කර ගත්තු කොල්ලෙක්.නිස්කලංක පරිසරයක් එක්ක පින්සලක් , තීන්ත ඒ වගේම කොලයක් තිබ්බා නම් කොල්ලට ඒ තරම් සතුටක් වෙන කොහෙන්වත් හොයා ගන්න බෑ. ඒ කලු බෝල ඇස් දෙකෙන් දකින ඕනෑම දර්ශනයක් ජීවමානව චිත්‍රයට නගන්න කොල්ලට යන්නේ පැය කිහිපයක් විතරයි. කොල්ලගේ හැගීම් , දැනීම් ගොඩක් කොල්ලා බෙදා ගත්තේ ස්වභාවධර්මයත් එක්ක..

කොතැන ගියත් කොල්ලා අරන් යන පැන්සලයි , චූටි නෝට් බුක් එකයි පැය විසි හතරම ජන්කුක් ලග නොවරදවාම තිබුණා.ඒ චූටි නෝට් බුක් එකේ කොල්ලා කටුවට අඳින හැම චිත්‍රයම තමන්ට නිදහසක් ලැබුන වෙලාවට ජීවමානව චිත්‍රයට නගන්න තිබුණ හැකියාව හරි පුදුම සහගත එකක්.. අවුරුදු 25ක් වෙද්දි සෝල් නගරයේ විශිෂ්ටම චිත්‍ර කෞතුකාගාරයක අයිතිකරුවා වෙන්නත් ජන්කුක්ට පුලුවන් වුණේ කොල්ලගේ මේ හැකියාව නිසාමයි. Jeon industryහි අයිතිකරු වෙන ජන්කුක්ගේ තාත්තා වුනත් තමන්ගේ පුතාගේ මේ හැකියාව ගොඩක් අගය කලා. ඒත් කම්පණි එකේ heir විදියට කම්පණි එකේ වැඩ වලට ජන්කුක් සම්බන්ධ නොවෙන එක ගැන නම් ටිකක් කණගාටු වුනත් හොදට උසස් අධ්‍යාපනය හදාරපු ජන්කුක් ඒ වගකීම හරි වෙලාවට බාර ගනී කියලා ජන්කුක්ගේ තාත්තා විශ්වාස කරේ ජන්කුක් කියන්නේ කීකරු පුතෙක් නිසා.

පරිසරයට තියන ආදරය නිසාම ජන්කුක් කාලය ගත කලේ තමන්ගේ ගෙදර තියන අක්කර ගානක් ලොකු ගාර්ඩ්න් එකේ නැත්තම් සෝල් නගරයේ තියන ස්වභාවික ලස්සන රැකිලා තිබුණ නිස්කලංක පරිසරයක.ඒ හැම මොහොතෙම කොල්ලගේ අතේ නොවරදවාම පින්සලකුත් තිබුණා.ගෙවෙන දවසක් දවසක් ගානේ කෞතුකාගාරයට චිත්‍ර එකතු වෙන්න එකතු වෙන්න ජන්කුක්ගේ රසිකයනුත් බොහෝ ඉක්මණින් වැඩි වුණා.සෝල් නගරයේ විතරක් නෙමෙයි ආසියාවේ බොහෝ රටවල ධනවතුන් , ගායකයන් , රංගන ශිල්පීන් වගේ ප්‍රසිද්ධියට පත් වුණ බොහෝ දෙනාට ජන්කුක් අතින් චිත්‍රයට නැගුණ තමන්ගේ ජීවමාන රූපයක් ඕනි කරේ කැමරා කාචයට හසු වන විවිධාකරයේ ෆොටෝ අතරේ ජීවමාන චිත්‍රයක් කියන්නේ ගොඩක් වටින නිර්මාණයක් වුණ නිසා.

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now