Limit

138 30 3
                                    

සාලෙට වෙලා කතා කර කර හිටපු ටේ , මින්ජි , අරී වගේම ජන්කුක් එයාලගේ අතීතේ සමහර මතකයන් ගැන කිය කිය හිනා වෙවී හිටියා..

ඒ අතරේ එකපාරට දෙයක් මතක් වුණ අරී ජන්කුක්ගේ මූණ දිහා බලලා පවුට් එකක් දැම්මා..

"මොකෝ මේ.."

"ජුකියෝ... අනේ මගේ exam ඉවර වෙනකල් ඔය තුන් දෙනා මෙහේ නතර වෙන්නකෝ.."

ජන්කුක් දිහාට දැම්ම බැල්මම ටේ දිහාවටවත් දාන ගමන් අරී කිව්වා.. ජන්කුක් ඒකට විරුද්ධ වෙන්න කට ඇරියේ මෙහේ හිටියොත් අරීට පාඩම් කර ගන්න අවධානේ දෙන්න බැරි වෙයි කියලා හිතුන නිසා.. ඒත් අරී ඉක්මන් වුණා..

"අනේ ඔප්පා.. ඔයාවත් හා කියන්නකෝ.."

ජන්කුක්ගේ මූණේ ඉරියව් එක්ක බෑ කියන්න යන්නේ කියලා තේරුන නිසා අරී කිව්වා .

"ම්ම්.. ඔයා කියනවා නම් එන්නම් නංගා.. ඕක මහ වැඩක් ඈ.."

ටේ කෙල්ලගේ අදහසට කැමති වුණේ එහෙම වුණොත් එයාට මින්ජිත් එක්ක ගත කරන්න තව කාලයක් හම්බෙන නිසා..

"ඒකනේ.. අනේ.. ජන්කූ.. 🥺🥺"

"යා..හ් හරි හරි ඉන්නම්.. හැබැයි පාඩම් කරන්නත් ඕනි හරිද??"

ජන්කුක් ඇහිබැමකුත් උස්සලා එහෙම කියද්දි ටේගේ phone එක ring වුණා.. ටේ කෝල් එක answer කරලා ඉක්මණට කට් කරා..

"ජන්කුකා.. මම ජිමින්වත් එක්කම් එන්නම් එහෙනම්.. මේ ජිමිනා කතා කරේ.. house එකට ගිහින් බඩු වගයක් තියනවා ඒ ටිකත් අරන් එන්නම් මම"

ටේ එහෙම කියලා නැගිටිද්දි ජන්කුක් ටේට කතා කරා.

"හියොන්ග් ඔයාලා හවුස් එකට යනවා නම් මගේ රූම් එකේ තියන ලැප් එකයි painting රූම් එකේ තියන මගේ බඩු ටිකයි අරන්ම එනවද??"

"හා මම අරන් එන්නම්..."

"යන්නම් සුද්දි  .. "

එහෙම කියලා මින්ජිගේ කම්මුලට පෙක් එකක් දීලා ටේ එලියට දිව්වේ ජිමින්ව ගන්නත් තියන නිසා..

ටේ ගියාට පස්සේ මින්ජිත් නැගිටලා තමන්ගේ රූම් එකට ගියේ කෙල්ල මිශන් එකට ගිහින් ඇවිත් හිටපු නිසා දාඩියවලින් නෑවිලා වගේ හිටපු නිසා වොශ් එකක් දා ගන්න කියලා..

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now