Heartbeat

118 34 15
                                    

@ Jeon house

මියුන්ගි උදේම නැගිටලා කෑම හැදුවේ ඊයේ හොදටම බීලා ගෙදර ආපු ජන්කුක් උදේම කම්පණි එකට යයි කියලා හිතලා.. මියුන්ගි හිතුවා වගේම ජන්කුක් වෙනදාටත් වඩා කලින් කම්පණි එකට යන්නේ මියුන්ගි එක්කවත් වචනයක් කතා නොකර..

ජන්කුක්ට ලැජ්ජාවක් එක්ක තරහකුත් තිබුණා.. බීලා හිටියත් ඊයේ රෑ තමන්ට අහන්න ලැබුණ දේවල් ගැන ජන්කුක් හිටියේ තරහෙන් තමයි.. කොල්ලා කෑමවත් නොකා ගියේ මියුන්ගි කොල්ලට ඉන්න කියලා බල කරද්දිමයි..

ජන්කුක් මේ විදියට හැසිරෙන එකට නම් මියුන්ගි හිටියේ ගොඩක් දුකෙන්.. ඒ නිසාම මියුන්ගි ඩයිනින් ටේබල් එකේ පුටුවක ඉදගෙන කල්පනා කර කර හිටියා.. එ අතරතුර ඔෆිස් කිට් එකෙන් සැරසුන ජෝන් පහලට එනවා..

"මියූ.. ලෑස්ති වෙන්න .. අපිට පොඩි ගමනක් යන්න තියනවා.."

"ඒ පාර කොහෙද එක්කන් යන්න හදන්නේ ?"

මියුන්ගි අමනාපෙන් වගේ ඇහුවේ ජෝන් නිසා ජන්කුක් විදවනවා කියලා මියුන්ගිට ටිකක් තේරුම් ගිය නිසා..

"මියූ.. මොකද ඔය කෑගහන්නේ ?? අපි යමු අරීව බලලා එන්න.. කන්ග් කම්පණි එකට "

"ඒ මොකටද ඔයා ඒ ලමයා බලන්න යන්නේ ?"

"ඒකෙන් වැඩක් නෑනේ.. එතනට ගියාම බලා ගමුකෝ අපි..  යන්න ගිහින් ලෑස්ති වෙලා එන්න  "

ජෝන් කෑම මේසේ ඉදගන්න ගමන් කියද්දි මියුන්ගි ජෝන්ටත් රවලා උඩට ගියේ ලෑස්ති වෙන්න..

After two hours

අරී හිටියේ කැබින් එකට වෙලා file එකක් recorrect කරන ගමන්.. කම්පණි එක වැරදි ගොඩක් සිද්ද වෙලා තිබුණ නිසා කෙල්ලට කම්පණි එකට ආවාම හුස්ම ගන්නවත් වෙලාවක් තිබුණේ නෑ..

කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක් ආව නිසා කෙල්ල

"Come in "
කිව්වේ ඔලුව ටිකකටවත් උස්සන්නේ නැතුව..

මිසිස් වගේම මිස්ටර් ජෝන් ඇතුලට ආවේ අරීගේ අවසරෙත් එක්ක..

"දූ අරී.. "

මියුන්ගි කෙල්ල දැකලා කතා කරන කොට අරී වෙඩිල්ල වගේ ඔලුව ඉස්සුවා.. මියුන්ගිව දැක්කාම කෙල්ලගේ ඇස් සතුටින් දිලිසුනේ අලු පාට ඇස් බෝල වෙලා තියෙද්දි..

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now