Jealousy

149 33 8
                                    

සොන්හි කදුලු පිහිදන් එක පාරටම ජන්කුක්ගේ රූම් එකට ඇතුල් වෙද්දි ලැප් එකේ හිටපු අරීව කොල්ලා ඇදලා ගත්තේ හරියට අරීව උස්සන් යන්න ඇවිත් වගේ.. අරී ඈත් වෙන්න දැගලුවත් ජන්කුක්ගේ අත්වලට හිර වෙලා හිටිපු කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි වුණා.. ඒ නිසා කෙල්ලත් වැඩේ අතෑරලා පාඩුවේ හිටියා..

ඇත්ත ඉතින්. නොමිලේ ලැබෙන චාන්ස් එක අතාරින්න එපා කෙල්ලේ !! අරී අරීටම කියා ගත්තා..

"සොන්හියා.. මේ ඔයානේ .. මොකෝ මෙහේ ??"

ජන්කුක් සොන්හි දිහා බලලා අහද්දි සොන්හිගේ ඇස් රැදිලා තිබූණේ ජන්කුක්ගේ පපුව අස්සේ තුරුල් වෙලා ඉන්න අරී ලග..

"ඔහ්.. ඔප්පා.. මම මේ ආවේ ඔයාව බලලා යන්න.. "

සොන්හි ජන්කුක් දිහා බලාගෙන කිව්වා..

"මාව බලලා යන්න ?? ඒ මොකටද ??"

"අප්පලත් ආවා ජන්කුක් ඔප්පා.. ඔයා පහලට ආවේ නැති නිසා අප්පා කිව්වා උඩට ගිහින් කතා කරලා එන්න කියලා.. "

"ඔහ්.. අන්කලුත් ආවාද .? මම අන්කල්ව මතක් කරා කියන්නකෝ එහෙනම්.."

ජන්කුක් අරීගේ කොණ්ඩේ අස්සේ ඇගිලි යවන ගමන් කිව්වා..

"ඇයි ඔප්පා ඔයා පහලට එන්නේ නැද්ද ??"

"දැන් බෑ සොන්හියා.. මහන්සි .. ටිකක් නිදා ගන්න ඕනි.."

ජන්කුක් කියද්දි සොන්හි අරී දිහා බැලුවා..

"ඔප්පා.. එතකොට ඔය ඉන්නේ අරී ඔන්නිද ?"

සොන්හි නොදන්නවා වගේ ඇහුවා.. කෙල්ල දැක්කා ඒ අරී කියලා.. ඒ වගේම කෙල්ල දන්නවා ඒ අරී කියලා..

"ඔව් සොන්හි.. මේ ඉන්නේ මගේ snowdrop එක තමා.. "

"ඔහ්.. හරි"

සොන්හි නොක්කාඩුවට වගේ හිනා වෙලා කිව්වා..

"සොන්හි ඔයා යනකොට දොරත් වහගෙනම යන්න එහෙනම්.."

ජන්කුක් සොන්හිට නොකියා යන්න කියද්දි කෙල්ල ඔලුව හොලවලා දොරත් වහන් පහලට ගියා..

සොන්හිට අරී ගැන දැනුනේ ලොකු ඉරිසියාවක්.. ඒත් කෙල්ල ඒක පිටට පෙන්නන්න කැමති වුණේ නෑ..

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now