Sun & Moon

128 29 11
                                    


"නූනා... බලනවකෝ මාර වැඩක්නේ වෙලා තියෙන්නේ..  "

Phone එක දිහා බලාගෙන කැබින් එක ඇතුලට ආපු සෝජුන් අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිල්ලයි අරීව සිප ගන්න ජන්කුක්ව දැක්කේ.. හදිස්සියේ වුණ දේ නිසා අරීට කරන්න දෙයක් හිතා ගන්නත් බැරුව එක පාරම කුක්ගේ පපුවට අත් තියලා කොල්ලව තල්ලු කරේ සෝජුන් ආපු පමාවට U trun එකක් ගහද්දි..

"ඔහ්.. නුනා.. ඔයාල් වැඩේ කර ගන්න මම පස්සේ එන්නම්.."

සෝජුන් ඇස් දෙකත් වහගෙන එලියට යන්න යනකොට අරී සෝජුන්ට කතා කරේ ජන්කුක් රවාගෙන බලන් ඉද්දි..

"ඔහොම ඉන්නවා සෝජුන්.  කියන්න ගිය එක කියලා යන්න.."

"බෑ බෑ.. අයියෝ.. ඔය දෙන්නා වැඩේ කර ගන්නකෝ.. මම පස්සේ එන්නම්.."

"කිව්වා නේ දැන්.. අනික මේ පැත්තට හැරනවා මෝඩ කොල්ලෝ.. "

අරී තර්ජනාත්මකව කියද්දි සෝජුන් එක ඇහැක් විතරක් ඇරගෙන දෙන්නා දිහාට හැරිලා අනිත් ඇහැත් ඇර ගත්තා.. අරී නම් රතු වෙලා ඉතින්..

"මොකද දැන් වුණේ?? ගිරිය කඩා ඛෙන කැබින් එකට කඩා පාත් වෙන්න තරම් ???"

අරී ඇහි බැමක් උස්සලා ටේබල් එක උඩ ඉදන්ම ඇහුවේ තාමත් ජන්කුක් කෙල්ලට බහින්න දුන්නේ නැති නිසා..

"ආ.. මේ.. මම පස්සේ කියන්නම්කෝ.. හියොන්ග් ගියාම මට කතා කරන්න නූනා.."

සෝජුන් ඔලුව කස කස කිව්වා..
අරී සෝජුන් අතරේ තියෙන්නේ සහෝදර බැදීමක්...
තමන්ගේ private secretary වුනත් සෝජුන් වගේ ම අරී ගොඩක් ලන් වුණා ගෙවුන දවස් ටිකට..

"නෑ නෑ.. සෝජුන්.. මමත් ඉද්දි කියන්න .."

ජන්කුක් කොල්ලට රවලා කියද්දි සෝජුන් අරී දිහා බැලුවේ කමක් නැද්ද අහන්න වගේ..

"කමක් නෑ සෝජුනා ඔයා කියන්න.. "

"මේ.. මේකයි නූනා.. ඔයාට මතකට අර කිම් කම්පණි එකත් එක්ක තිබුණ මීටින් එකට මිස්ටර් ටේ හියොන්ග් එක්ක ආපු පිරිමි කෙනා.."

සෝජුන් කෙල්ල දිහා බලලා අහද්දි අරී ටිකක් කල්පනා කරා..

"ආ... ඔව් ඔව් අර මාත් එක්ක තනියම කතා කරන්න ඕනි කියපු කෙනාද ??"

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now