සොන්හි දොරත් වහගෙන එලියට ගියාට පස්සේ ජන්කුක් අරීව අතෑරියා..

"ඇයි මෝඩයෝ එහෙම කරේ.. ඒ ලමයා මොනා හිතන්න ඇත්ද ??"

"එයා මොනා හිතුවත් මට මොකද ?? මට ඕනි කරේ එයාට තේරුම් කරන්න මගේ හදවතේ එයාට ඉඩක් වෙන් වෙන්නේ නෑ කියලා.. "

ජන්කුක් අරීට විරිත්තන ගමන් කිව්වා..

"අනේ..හරියට පරිණත වෙලානේ ඔයා 😒😒😒"

"එහෙම වෙන්න එපැයි ඉතින්.. පණ්ඩිත ආච්චියෙක්ට ආදරේ කරද්දි ....😂😂"

"අනේ.. හොදට හිනාවෙන්න.. සෝක් විහිලුව.. මට නම් හිනා ගියේ නෑ හැබැයි..😒😒"

අරී ජන්කුක්ගේ ලැප් එකෙන් අයින් වෙන ගමන් කියද්දි කොල්ලා phone එක අරන් පියානෝ මියුසික් එකක් play වෙන්න දැම්මා..

අරීගේ හිත ඇතුලේ විනී නටන්න ගන්න කොට කෙල්ල බොහොම අමාරුවෙන් තමන්ව පාලනේ කර ගෙන හිටියේ.. මොකද්දෝ හේතුවකට ජන්කුක් දාලා තිබුණේ අරීගේ ආසම සින්දු වලින් එකක්..

"මැට්ටි.. මට නටලා පෙන්නන්නකෝ.. "

ජන්කුක් අරීට කියද්දි කෙල්ල ඇස් දෙක ලොකු කර ගෙන ඔලුව දෙපැත්තට වැනුවේ බෑ කියන්න..

"ජන්කුක්.. මම කිව්වනේ ඔයාට.. විනී කියලා කෙනෙක් දැන් නෑ කියලා.."

කෙල්ල අහක බලාගෙන කියද්දි ජන්කුක් අරීගේ නිකටින් අල්ලලා අරීව තමන්ගේ පැත්තට හරව ගත්තා..

"නෑ කියන්න එපා අරී බොරුවට.. විනී කියන්නෙත් ඔයාටමයි.. ඉතින් විනීව මරන්න කාටවත් බෑ.. එහෙම කරන්න තියන්නෙත් නෑ.."

ජන්කුක් පවුට් එකකුත් දාලා කියද්දි අරීට ගිග්ල් එකක් පිට වුණා..

"කොයි දැන් ටිකක් නටලා පෙන්නන්නකෝ.. "

"ජන්කුක් මේ ඇදුම ඇදන් නටන්න බෑ.. "

"එහෙනම් කොයි වගේ එකක්ද ඕනි ඔයාට.."

අරී ජන්කුක්ගේ ඉල්ලීම මග අරින්න නිදහසට හේතු හෙව්වත් කොල්ලගෙන් නම් බේරුමක් තිබුණේ නෑ..

"යා..හ්.. මොකද්ද අනේ.. "

"මොකද්ද නෙමේ.. කියන්නකෝ.. "

"ම්ම්.. ටිකක් සැහැල්ලු ඇදුමක්.. ශෝට් එකකුයි ටිශර්ට් එකකුයි වගේ. "

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now