ජිමින් එහෙම කියද්දි ජන්කුක්ගේ මූණ ඇද වෙලා ගියා..😂

" ඇයි හියොන්ග් ඔයා එහෙම කියන්නේ.. එයා සිඩ්නි වල famous girl කෙනෙක්නේ.ඉතින් ගොඩක් අය එයාව දන්නවා ඇති.අපිට එයාගේ විස්තර හොයා ගන්න පුලුවන් වෙයි.. ඇකඩමි එකෙන් වුනත්."

"උඹ එහෙම කිව්වට කුකී , ඒ කෙල්ල නිසා සිඩ්නිවල ආදායම් හෙනට වැඩි වුණා. හිතා ගන්නවත් බැරි තරමට. එයා famous හැබැයි විනී විදියට. කවුරුත් එයාගේ රියල් නේම් එක හරියට දන්නවා කියලා මම හිතන්නේ නෑ ලගම කීප දෙනෙක් ඇර. අනික මෙහේ මිනිස්සු කෙල්ලට පණ ඇරලා. ඒ නිසා කොහොමත් පිටින් ආපු අයට විස්තර කියයි කියලා හිතන්න බෑනේ බන්.

අනික විනී විනී කිව්වට ඒ කෙල්ල නටන තැනදී කතා කරන නම මිසක්.. පොදු තැන්වලට ඔය නමින් කවුරුත් කතා කරන්නෙත් නෑ. කට කතා යන විදියට නම් කෙල්ලගේ නෝමල් ලයිෆ් එක ගොඩක් වෙනස්ලු.. I mean කෙල්ල බැලේ කරනවා කියලාවත් හිතන්න බැරිලු casual outfit එකට එහෙම."

ටේ ඔය විදියට සීරියස් මූඩ් එකකින් කතා කලේ සෑහෙන කාලකින් නිසා ටේ කියපු කතාවලත් ඇත්තක් ඇති කියලා ජන්කුක් තේරුම් ගත්තා. ඒත් කොල්ලගේ හිත නම් ඒක පිලිගන්න කැමති නෑ වගේ.මොකද ඒ හිත විනීව බලන්න තව තව ආසා කරා..

"ඒත් හියොන්ග් අපිට පොඩි හරි chance එකක් ලැබේවීනේ.. මට එයාගේ චිත්‍රයක් අදින්නයි ඕනි.. ශිට් ඒ වෙලේ මට මොනා වුණාද කියලා හිතා ගන්න බෑ. "

ජන්කුක් එහෙම කියන කොට ඊලගට කතා කලේ ජිමින්.

" එහෙනම් පුතෝ උඹට ආය ඒ කෙල්ලව බලා ගන්න වෙන්නේ තව මාස 3කින් විතර තමා."

ජිමින් phone එක දිහා බලා ගෙන එහෙම කිව්වේ ටිකක් දුකෙන් වගේ.

"What...? ඒ මොකද? Oh god... ඔයාට තිබුණා මේ වගේ දේවල් සම්බන්ධයෙන් මගේ ඉවසීම ටිකක් වැඩි කරලා මාව මවන්න.. "

ජොලියට වගේ පවුට් එකකුත් හදන් කුක් කියද්දි කට්ටියම හිනා වුණේ ඉදලා හිටලා ඔය වගේ කියුට් , ෆනී ජන්කුක් කෙනෙක් එලියට පනින නිසා.. හැබැයි.. ඒ කොල්ලගේ මූඩ් එක 100%ක් හොද වුනොත් තමා.. ඒත් මේ වෙලාවේ ජන්කුක්ගේ මූඩ් එක ගැන අපිට කියන්න වෙන්නේ zero percent කියලා තමා..

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now