මේ නිසාම ජන්කුක්ට පරිසරයත් එක්ක ගත කරන්න තිබුණ කාලය කෙටි වුනත් ජන්කුක්ගේ චිත්‍ර හැකියාව ඉල්ලමින් එන projects වල නම් අඩුවක් වුණේ නෑ.මේ නිසාම ජන්කුක් ගොඩක් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරේ තමන්ගේ නිදහස නැති වෙයි කියලා බයේ. ඒ වගේම ජන්කුක් තමන්ගේ මේ හැකියාව මුදලට විකුණන්න නම් කොහොමත්ම කැමති වුණේ නෑ.. මොකද ජන්කුක් කියන්නේ කොරියාවේ හොදම සල්ලිකාරයන්ගෙන් එක්කෙනෙක්. මේ හැකියාව තමන්ට ලැබුණ ආශිර්වාදයක්වත් මොකක්වත් නෙමෙයි මගේ මහන්සියෙන් මම ලබා ගත්ත දෙයක් කියලයි  ජන්කුක් නම් කියන්නේ.. කොහොම වුනත් ජන්කුක් ජීවිතේ සැනසීම හෙව්වේ එයාගේ අතින් හැඩ වුණ චිත්‍රවලින්.

මුහුද දිහාවට ඇදෙන උණුසුම් හුලග කොල්ලගේ කෙස් එක්ක සෙල්ලම් කරද්දි ජන්කුක් නම් හිටියේ ලොකු වැඩක.එදා වසන්ත කාලයේ එක ලස්සන හැන්දෑවක්.ගිනි බෝලයක් මුහුද ගිල ගන්නවා වගේ දර්ශනයක් එක්ක මුහුදු වෙරලේ තනි වෙලා හිටපු ජන්කුක් ඒ ලස්සන පරිසරය චිත්‍රයට නගමින් හිටියේ බොහොම සන්සුන්ව.හෙමීට එහා මෙහා යන අත , විටින් විට මුහුද දිහා බලන කලු බෝල ඇස් , දගකාර හිනාවක් එක්ක චිත්‍රය අඳිමින් ඉන්න කොල්ලා දිහා එක දිගට දින ගානක් වුනත් බලන් ඉන්න පුලුවන්.ඒ අතින් ඇඳෙන ලස්සන ජීවමාන චිත්‍ර වගේම කොල්ලගේ පෙනුමත් ඉටි රූපයක් වගේ ලස්සනයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් කොල්ලා හිතා ගන්න බැරි තරමට handsome..

චිත්‍රය ඇඳලා අවසන් මොහොතෙදී කොල්ලගේ අවධානය වෙනතකට ගියේ සද්දෙන් ring වුණ phone එක නිසා.පින්සල එතන තිබුණ paint board එක උඩින් තියලා ring වෙන phone එක අතට ගත්තේ එච්චර කැමැත්තකින් නොවුනත් display එකේ වැටිලා තිබුණ නම දැක්කාම නම් කොල්ලට හීනියට හිනාවක් ගියා.වැඩිය යාලුවෝ ආශ්‍රය නොකරපු කොල්ලට soulmateලා දෙන්නෙක් නම් හිටියා. Soulmateලා කිව්වට ඉතින් ටේ , ජිමින් කියන්නේ කොල්ලට වඩා අවුරුද්දකින් වැඩිමල් අය . ඉතින් දැන් කොල්ලට call එක ආවේ ටේගෙන්.ඒ නිසා ඉක්මණට call එක ආන්සර් කරලා ඉදන් හිටපු තැනින් නැගිට්ටේ දැන් මොන වැඩේ කර කර හිටියත් එන්න කිව්වොත් යන්න වෙනවා කියලා දන්න නිසා.

📲........

"හෙලෝ  ටේ හියොන්ගී.. මොකෝ මේ වෙලා මාව මතක් වෙලා?"

Into ur heart ♡~JJK/Completed~Where stories live. Discover now