'ජේක් ගොඩක් තනිවෙලා ඉන්නෙ... එයා ගොඩක් පව්..  එයාගෙ ඩයරි එකේ කියවපු මම දවසක්ම ඇඬුවා..'

' මාම්  ජේක් ගොඩක්  පව් මාම් .. එයා ගොඩක් ඔයාලාගේ ආදරේ බලාපොරොත්තු වෙනවා.. එයා වෙලාවකට  තනියම අඬනවා..එයා ඔහොම හ්ටියොත් එයාට ඩීප්‍රෙශන් හැදෙයි මාම්. එයා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නෙ.. ඔයාලා එයාව ඈත් කරන්න එපා.. තවත් ඔයාලා පරක්කු නෑ... සාරා  බොරුවකුත් නොවන බොරුවක්  එක්කම එහෙම කීවෙ  ජේක්ගෙ මාම්ව බයකරන්න...'

' නික්....  මට පොඩි උදව්වක් කරන්නකෝ........ ඔයා මගෙ හොඳ...... සහෝදරයනෙ..  ජේක්ව   ඔයාලාගේ  යාලුවෝ කණ්ඩායමට එකතු කරගන්නකෝ... අනේ........
සාරා නික්ගේ අතේ එල්ලි එල්ලි  එහෙම කීවේ නික් හිනාවෙවී ඔලුව වනද්දි...'

'ජේක් දන්නෑ මම තමා  එයාට ලියුම් තියන කෙනා කියලා... මම දැනගන්නවට කැමතිත් නෑ.... එයා ලියුම් කියවන එකත් නවත්තයි...'

'මම යනවා මාම් , ඩෑඩ්.. ඒත් ජේක්ව තනිකරන් නෑ කියලා පොරොන්දු වෙන්න... සාරා එහෙම කීවෙ සාරා දිහා ගොඩක් දුකින් බලන් හිටපු  ජේක්ගෙ පේරන්ට්ස්ලාට..'

'නික්ගේ යාලුවොන්ටත් මම කීවෙ ජේක්ව  තනි කරන්න එපා කියලා.. එයා ආයෙම තනිවෙන්නැති වෙයි.'

එයාට  හැමදේම දුන්න එයාගෙ ඒන්ජල්ට එයා සලකපු විදිය ජංකුක්ට ආයෙ ආයෙම මතක් වෙන්න ගත්තෙ කොල්ලා පපුව අල්ලගෙන ආයෙම අඬද්දි...

හෝල් එකෙන් එක්කෙනා දෙන්නා එලියට එනවා දැක්ක ජංකුක් අමාරුවෙන් කකුල් වලට වාරු අරන් නැගිට්ටෙ සූමින්ට කොහොම හරි කතාකරනවා කියලා හිතේ තියාගෙන.

හෝල් එකෙන් එලියට එන මිනිස්සු අතරෙ අඳුරන කට්ටියක් දැක්ක ජංකුක්ගෙ කම්මුල් ආයෙමත් තෙමුනෙ එයාවත් නොදැනීම.

" එයා එක අතකට මට කියන්නෙ මොකද.. ?  මම කරපු දේවල එයාට මතක ඇති..නෙ. "

කඳුලුත් එක්කම දුක්බර හිනාවක් මූනට ගත්ත ජංකුක් එහෙම හිතුවෙ එයාගෙ හියුන්ලා එක්ක කතා කරමින් එන එයාගෙ ඔම්මයි අප්පයි දිහා බලාගෙන.

...................................

හෝල් එකේ වැඩ ඉවර උනාට පස්සෙ  සූමින් ජින් එක්ක එයාගෙ ඔම්මයි අප්පයි දෙන්නත් යැව්වෙ ස්ටෝල් එකෙත් තව පොඩි පොඩි වැඩ වගයක් තිබ්බ නිසා.අනික සූමින්ට නිදහස ඕන උනා..

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now