හදවතේ අමුතු රිද්මය...

474 85 2
                                    

සූමින් .......

ජංකුක් ගෙට ඇතුලු උනේ සූමින්ට කතා කරගෙනමයි

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ජංකුක් ගෙට ඇතුලු උනේ සූමින්ට කතා කරගෙනමයි.

සොන්බෙ....

ලොන්ඩ්‍රි රූම්  එකේ හිටපු සූමින් දුවගෙන ආවෙ පරක්කු උනොත් ජංකුක්ට තරහ ගනීවි කියලා හිතුනු නිසා.

හය වෙද්දි ලෑස්ති වෙලා ඉන්නවා අපේ ගෙදර යන්න අද එහෙට එන්න කිව්වා ඩිනර් එකට.

කෙල්ල උත්තරයක් දෙන්නත් කලින්ම කොල්ලා ඇතුලට ගියෙ  සූමින් ජංකුක් දිහා වේදනාවෙන් බලන් ඉද්දි..

'මම දිහා බලන්නවත් බැරි තරමට ඔයා මට වයිර කරනවද සොන්බෙ.'

........................................

හරියටම හවස හය වෙද්දි සූමින් ලෑස්ති වෙලා  සෝෆා එක ගාව හිටගෙන හිටියෙ ජංකුක් එයාට සෝෆා එකෙන් ඉඳගන්න තහනම් කරපු නිසා. ගෙදරින් ගෙනාව ඇඳුමකුත් ඇඳන් හිටිය සූමින් අද ගොඩක් ලස්සනයි. වෙනදා දාපු ලොකු කණ්ණාඩිය වෙනුවටවෙඩින් එකට ගත්ත කන්ටැක්ට් ලෙන්ස් දෙක දාගත්ත නිසා අද සූමින් ගොඩක් වෙනස්.

හිමින් සැරේ  පඩිපෙල දිගේ පහලට බහින කොල්ලා මුලින්ම දැක්කෙ ෆ්ලෝරල් ප්‍රින්ටඩ් සිම්පල් ෆ්‍රොක් එකක් ඇඳගෙන කොන්ඩෙත් කඩාදාලා තමන්ට පිටුපාලා හිටගෙන ඉන්න කෙල්ලව..

මෙයා මොකද හිටගෙන ඉන්නෙ..... මම එනකන් ඉඳන් හිටියනම් ඉවරයිනෙ.

එහෙම හිතන ගමන් කොල්ලා අඩියක් තිබ්බත් කොල්ලට මතක් උනා වෙඩින් එක දවසෙ හවස එයාම සූමින්ට සෝෆා එකේ ඉඳගන්න එක තහනම් කලා කියලා. ඒ ගැන කොල්ලගෙ හිත අප්සට් උනත් කොල්ලගෙ හිත නැමුන්නෑ ආයෙ තමන්ගෙ වැරැද්ද නිවැරිදි කරගන්න.

තමන් ගාවට එන ජංකුක්ගෙ අඩි සද්දෙට ජංකුක් දිහා හැරිලා බැලුව සූමින්ට  එයා කල්පනා කර කර හිටපු දේත් අමතක උනේ කොල්ලගෙ හැන්ඩ්සම් කමට. මේ  මගෙ හස්බන්ඩ් කියලා සූමින්ගෙ හිතට පුන්චි ආඩම්බරකමක් ආවත් ඒ සැනින්ම ඒක නැතිවෙලා ගියේ ජංකුක්ගෙ හදවතේ කොනකවත් සූමින් නෑ කියලා ආයෙ මතක් උනාට පස්සෙ.

ඒ වගේම මේ වෙනකොට ජංකුක් හිටියෙත් වෙනම ලෝකෙක කෙල්ලගෙ ඒ අහින්සක ඇස් වලට කොල්ලා වශී උනා කීවොත් හරියටම හරි.

ජංකුක්ගේ හදවත් හරි අමුතු විදියට ගැහෙන්න ගත්තෙ ජංකුක් ඒ හැගීම මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙද්දි.ඒත් එක්කම ජංකුක්ගෙ මතකයට ආවෙ ජිමින්.

................................

ජංකුක් තමන්ට රවාගෙන යන දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටිය සූමින් ඉක්මනට ජංකුක් පස්සෙන් දුවන්න ගත්තෙ  පරක්කු උනොත් කෑ ගහයි කියලා.

ඒත් වැඩක් උන්නෑ..

මේ වෙනකොටත් කා එක ගාවට ගිහුන් කා එකෙන් වාඩි වෙලා හිටපු ජංකුක් කාර් එක රේස් කලේ සූමින් ඈතින් දුවන් එනවා දැකලා.

පුලුවන් තරම් ඉක්මනට කා එකෙන් වාඩි උන සූමින් ජංකුක් දිහා බැලුවෙ ජංකුක් දත් මිටි කකා සූමින් දිහා බලන් ඉද්දි.

"තමුසෙට කොච්චර කීවත් අහන්නෑ නේහ්.  මොකෝ එච්චර ලොකු කමද."

ජංකුක් ගොරෝලා ඔරවලා කියනකොට සූමින් ඔලුව බිමට නවන් කට වහන් හිටියෙ තවත් බනී කියලා.

දැනටමත් ටිකක් පරක්කු වෙලා හිටපු නිසා කොල්ලා  තවත් මොකුත් නොකිය රවාගෙනම කා එක වේගෙන් පාකින් එකෙන් එලියට දැම්මෙ කෙල්ල ඇස් දෙකත් තද කරල වහගෙන ගවුම අත්දෙකෙන්ම මිරිකගද්දි.

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

.............................

🌼🌼🌼

කියන්න දෙයක් ඣැ...

ANGEL BESIDES HIM🌼                                             [JJK FANFICTION]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ