ශුවර් මිස්ටර් කිම්...!

488 82 2
                                    

"ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔප්පා...."

සූමින් එක්කෙනා එක්කෙනා  ගාවට ගිහින් හිමින් සැරේ  හැමෝවම හග් කලේ එයාලත් සූමින්ට පොඩි කාලෙ ඉඳන්ම  ලඟින් හිටපු අය නිසා..

හොබීට ඇරෙන්න අනික් එක්කෙනෙක්ටවත්  සහෝදරියො හිටියෙ නෑ.. හොබීට හිටියෙත් නූනා කෙනෙක්..  ඒ හෙතූව නිසා වගේම සූමින්ගෙ තිබ්බ අහිංසක කමට තමා සූමින්ට හැමෝම ආදරේ කලේ...

"සූ......... ඔයා ලෑස්තිද.... "

මිස්ටර් කිම් ඒ  වෙලාවෙම ඇතුලට ආවෙ දැන් වෙලාව හරි කියන්න වගේ මූනකින්...

හිමින් සැරේ ඔලුව වනපු කෙල්ල ජිමින් අතේ තිබ්බ මල් පොකුරත් අරගෙන එයාගෙ  අප්පගෙ අතේ එල්ලුනේ.. අනිත් අය දිහාට කඳුලු පිරිච්ච ඇස් යොමු කරද්දි....

ඒ වෙලාවෙම එතෙන්ට ආපු මිසිස් කිම් සූමින්ව බදාගත්තේ  එයාගෙ ඇස් වලිනුත් කඳුලු වැටේද්දි..

"මගෙ පුංචි සූ..... අද  මැරි කරනවා.. ඒක මට හිතාගන්නත් බෑ මැණික.. අද ඔයා ගොඩක් ලස්සනයි... කියන්නත් බැරි තරම්..  හැමදාම සතුටින් ඉන්න.. "

සූගෙ නලලට හාදුවක් තිබ්බ මිසිස් කිම් කඳුලු පිහ පිහ ජින්ගෙ ඇඟට වාරු උනේ.. සූ මිස්ටර් කිම්ට තුරුල් වෙලා අඬද්දි..

සෙරමනි එක පටන් ගන්න  ලඟ නිසා  මිස්ටර් කිම් ඇරුනාම අනිත් අය හෝල් එකට ගියෙ අප්පවයි , දූයි තනිකරලා..

"සූ...... මැණික... ඔයාට හැමදාම අපි ඉන්නවා හරිද... ඔයා අද වෙන ගෙදරකට ගියාට හැමදාම ඔයාට අපේ ගෙදරට එන්න පුලුවන්.. කිසිම වෙලාවක දෙපාරක් හිතන්න එපා  හරිද... මැණික .. "

කෙල්ල  අප්පගෙ අතේ එල්ලිලාම බිම බලාගෙන ඔලුව වැනුවෙ හා කියන්න වගේ....

ANGEL BESIDES HIM🌼                                             [JJK FANFICTION]Where stories live. Discover now