Part 8 ✨

26 5 51
                                        

Hazoki - ඔයාලට දැන්මම නිදිමතද ගයිස්?

Ara - මට නම් අහලකවත් නෑ.

Sakura - අහලකවත් තියෙන්නේ කොහොමද ඉතින්. වෙනදට අපි නිදියන්නේ රෑ දොළහටනේ.

Susuki - එතකල් අපි මොකද කරන්නේ?

Mia - ලයිට්ස් ඕෆ් කරලා ඩීජේ එකක් දාමු. 

Ara - අඩේ පට්ටයිනේ. ඒත් බං ඩීජේ දාන්න බෆල් ඕනෙනේ. අනික දැන් ඩීජේ වලට ගැළපෙන ප්ලේ ලිස්ට් එකක්වත් උඹලා ළඟ තියෙයිද?

Yuna - අමුතුවෙන් ප්ලේ ලිස්ට් මොකටද බං? අපිනේ මාස්ක් ගර්ල්ස්ලා. අපි අපේ සින්දු වලින්ම ඩීජේ එකක් දාමු. නේද මියා.

Mia - ආන් ඒක තමයි මාත් කිව්වේ.

Sakura - එහෙනම් ළමයි ලයිට් ඕෆ් කරලා ලෑස්ති වෙන්නකෝ. කෝකටත් අපි ෆෝන් ටෝච් එකක් පත්තු තියමු. එතකොට හොල්මන් ටිකක් වගේ තියෙයි.

Hazoki - මරේ මරු. 

Sususki & Risa - යාහූ. ඩීජේ.

පොඩි උන් දෙන්නා කෑගහගෙන ගිහින් ලයිට් ඕෆ් කළා. සකුරා එයාගේ ෆෝන් එකේ ටෝච් එක කාමරේ කොනකින් තිබ්බා. දැන් නම් රූම් එක ඩීජේ එකකට කියාපු තැනක්.

Sakura - එහෙනම් පටන් ගමූ. යාහූ......................

සකුරා එහෙම කියන ගමන් සින්දුවක් පටන් ගත්තා. හැබැයි අපි අපේ සද්දෙ ටිකක් අඩු කරගන්න වග බලා ගත්තේ මේ සද්දෙට අර පණ්ඩිතයො හත් දෙනා නැගිට්ටොත් මෙතන පරාල ඇණයක් වෙන නිසා.

අපි හිතපු විදිහටම අපි අපේ ඩීජේ එක රෑ දොළහ වෙනකල්ම කරගෙන ගියා. එක දිගට පැය තුනහමාරක් ඩීජේ දැම්ම නිසා කට්ටියටම මහන්සි දැනිලයි තිබුණේ. ඒ නිසා අපි හැමෝම රූම් එකේ ජනෙලේ බැම්ම උඩ වාඩි වෙලා එළිය බලාගෙනයි හිටියා.

Sakura - රෑට මේ විදිහට එළිය බලාගෙන ඉන්නකොට මාර සනීපයි නේද ළමයි?

Ara - ඇත්තටම. පුදුම සනීප හුළඟක්නෙ එන්නේ.

Yuna - ඇත්තටම අපි හිතුවට වඩා මෙහෙ නියමයි නේද?

Hazoki - ඔව් අනේ. මම නම් ඇත්තටම මෙහෙට කැමතියි.

Susuki - හෝව් හෝව්. ගයිස් පොඩ්ඩක් අර පැත්ත බලන්න.

අපේ සුසුකි එයාගේ සද්දේ අඩු කරලා කාසල් එකේ වත්ත දිහාට ඇඟිල්ල දික් කළා. කළු පාට හෙවණැලි හතක් වත්ත මැදින් ඇවිදගෙන යනවා අපි දැක්කා. 

7 PowersWhere stories live. Discover now