Part 7 ✨

25 5 58
                                        


රැජීන් එයාලව අඳුන්වලා දෙද්දි අපි හිටියේ හත් දෙනාටම මුමුණ ගන්න ගමන්.

Sakura - අඩේ මොකක්ද බං මේ වුණේ?

Ara - යකෝ මුං පොඩි උන් සෙට් එකක් නෙමෙයිනේ.

Yuna - අමාරුකාරයෝ ටිකක් වගේ.

Mia - දැන් අපි කොන්සට් එකක් කරන්න ඕනේ මුන්ගේ බර්ත්ඩේ එක වෙනුවෙන්ද?

Risa - බුදාම්මෝ. මට නම් බැරියෝ.

Sususki - අනේ මේ. මං නම් මුන්ට බය නෑ. ලොකු කම දාගෙන ආවොත් දෙන්නෙ හොම්බෙන් යන්න.

Hazoki - ඕයි පොඩි එකා කට වහගනින්. මුන්ට ඇහුණොත් අපිව හොම්බෙන් යවයි. මෙහෙන් පැන ගන්න නම් අපිට මුන්වයි, රැජිනවයි සේප් කරන්න කොන්සට් එකක් කරන්නම වෙනවා.

Mia - හසොකි හරි. ෂේප් වෙන්න හරි කොන්සට් එකක් කරලා මෙතනින් පැනගන්න ඕනේ.

Queen - ඉතින් ඔයාලා ඔයාලවත් අඳුන්වලා දෙන්නකෝ.

රැජින අපි දිහා බලලා එහෙම කියලා ඇහැක් ගැහුවා. අපිට ඒක තේරුණා. එයාට ඕනේ අපේ ඇත්ත නම් ටික.

Sakura - ඔහ්. සොරි. මම සකුරා. මේ ඉන්නේ මගේ නංගිලා හය දෙනා. මෙයා හසොකි. යූනා, ආරා දෙන්නා නිවුන්නු, මේ මියා. එතකොට සුසුකි, රිසා දෙන්නත් නිවුන්නු.

Danny - අම්මා. මෙයාලා කොහේ ඉඳන් ආව කෙල්ලො සෙට් එකක්ද?

යකෝ මුගේ තියෙන ගනකම. දැන්නම් මටත් අපේ සුකියාගේ මතේට යන්න වෙයි වගේ.

Queen - මෙයාලා ඇවිත් තියෙන්නේ එහා රාජ්‍යයේ ඉඳලා. ම්ම්ම්. මෙයාලා තව සතියක් විතර වෙනකල් මෙහෙ ඉඳයි. එතකල් එයාලා අපේ අමුත්තො. මෙයාලට අපි හොඳට සලකන්න ඕනේ.

රැජින කොල්ලො හත් දෙනාට එහෙම කියලා අපි හත් දෙනා දිහා බැලුවා.

Queen - ඉතින් ළමයි. ඔයාලට අද ඉඳන් මේ මාලිගාවේ නවතින්න පුළුවන්. ඔයාලා වෙනුවෙන් මම පුංචි සුරංගනාවියෝ හත් දෙනෙක් ලෑස්ති කරලා තියෙන්නේ. එයාලා ඔයාලට ඕන හැමදේම කරලා දෙයි. ඔයාලට වෙන වෙනම කාමර හතකුත් අපි ලෑස්ති කරලා තියෙන්නේ.

Sakura - ඔහ්. ස්තූතියි. ඒත් ඔයාට පුළුවන් නම් අපිට තනි ලොකු කාමරයක් දෙන්න පුළුවන්ද? අපි හත් දෙනා කවදාවත් වෙන් වෙලා ඉඳලා නෑ.

7 PowersWhere stories live. Discover now