Part 1 ✨

38 9 39
                                        

Allia - ඕකේ එව්රිවන්. ලෙට්ස් ගෝ.

ආලියා එහෙම කෑගහලා එයාගේ මයික් එක ඕඩියන්ස් එක පැත්තට දික් කළා. අපේ ෆෑන්ස්ලා අපේ සින්දුව කියන්න පටන් ගත්තා. අපි හත් දෙනා මේ වෙලාවේ හිටියේ අපේ ලොකු කොන්සර්ට් එකක.

M - කමෝන් ලෙට්ස් ගෝ.

ආලියාගේ කෑගැහිල්ලෙන් විනාඩි පහකට විතර පස්සේ මමත් එහෙම කෑගැහුවා. ඒත් එකපාරටම කොහෙන්දෝ ආව වතුර පාරකින් මාව උඩ ඉඳලා පහළටම නෑවුනා.

ස්ටේජ් එකේ මේ වගේ වතුර පාරක්? කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. මම කෙලින්ම පිටිපස්ස බැලුවා. අපේ පොඩි උන් දෙන්නා හිනා වෙවී මගේ පිටිපස්සේ හිටියා. බෙලාගේ අතේ තිබ්බේ බාගෙට ඉවර වුණ වතුර බෝතලයක්.

M - ඒයි පොඩි එවුන් දෙන්නා. ඔහොම ඉන්නවා.

මමත් ළඟ තිබ්බ වතුර බෝතලයක් උස්සගෙන හිනාවෙවී ඒ ඩබල පස්සෙන් පන්නන්න පටන් ගත්තා.

Lia - හූ හූ. එම්. අල්ලගන්න බෑනේ.

Bella - එම්. අපි මෙහේ.

M - ඔහෙ හිටු පොඩි උන් දෙන්නා.

මම මගේ අතේ තිබ්බ වතුර බෝතලෙන් ඒ දෙන්නටත් වතුර ගැහුවා. අපේ ෆෑන්ස්ලා අපේ කෝලම් දැකලා සතුටින් කෑගහන්න පටන් ගත්තා. අපේ හැම කොන්සට් එකකදීම මෙහෙම විකාර කෝලමක් වෙන එක වෙනවමයි. ඒ ඉතින් අපේ පොඩි එවුන් දෙන්නගේ හැකියාවනේ.

Bella - මේන් හසූ. කාලෙකින් නෑවෙත් නෑනේ.

බෙලා එහෙම කියලා දුවන ගමන් එයාගේ අතේ තිබ්බ වතුර බෝතලේ ඉතුරු වතුර ටිකෙන් හසූව නෑව්වා. ඔන්න කලා වැඩක්. දැන් අපේ ස්ටේජ් උඩ මදි පාඩුවට හිටපු කොටි දෙනවත් ඇහැරවගත්තනේ.

Hazoo - ඒයි. ඔහොම නවතිනවලා. මේ පොඩි උන් දෙන්නව කවදා හදන්නද මන්දා. එම්. මට ඔය වතුර බෝතලේ දෙනවා.

M - මේන්. අදනම් ඕකුන් දෙන්නට හොඳ වැඩක් කරන්න ඕනේ.

මම වතුර බෝතලේ රායාට දුන්නා. රායා ලියායි, බෙලායි පස්සෙන් දුවන ගමන් ඒ ඩබලටත් වතුර ගැහුවා.

Zoe - ආන් ආන් වලියක්. කමෝන් ලියා. කමෝන් බෙලා.

Dari - ඇහ් ඔව්මයි. ඒ. කමෝන් හසූ. කමෝන් එම්.

7 PowersWhere stories live. Discover now