විනාඩි දහයකින් විතර අපි එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එක ළඟට ආවා.
Sakura - හ්ම්. කට්ටියම මාස්ක් ටික ගන්න.
සකුරා එහෙම කියලා එයාගේ නිල් පාට අයි මාස්ක් එක අරගෙන දාගත්තා. අපිත් පිළිවෙළට රෝස, දම්, කළු, සුදු, රතු, කහ මාස්ක් ටික අරගෙන දාගත්තා. දැන් එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එක ළඟ හිටියේ සකුරා, හසොකි, යූනා, ආරා, මියා, සුසුකි, රිසා නෙමෙයි. දැන් එකන හිටියේ ආලියා, රායා, සෝයි, ඩාරි, එම්, ලියා, බෙලා.
(ඔන්න නම් ටික මාරු වෙනෝ)
Allia - හරි ළමයි. යං ඇතුළට.
ආලියා එහෙම කියලා එන්ටර්ටෙන්මන්ට් බිල්ඩින්ග් එකේ දොර ළඟට ගියා. අපිව දැක්ක ඔෆිස් එකේ අය ඇවිල්ලා අපිව සාදරයෙන් බිල්ඩින්ග් එක ඇතුළට පිළිගත්තා.
A lady - ගුඩ් ආෆ්ටර්නූන් මිස්ලා හත් දෙනාටම. අපි උඩම ෆ්ලෝ එකට යමු. සෝන්ග් එක රිලීස් කරන්න එතන සේරම රෙඩි කරලා තියෙන්නේ.
ඒ ලේඩි තමයි සින්ඩිගේ නංගි වගේම එයාගේ සෙකට්‍රි. එයා වින්ඩි.
Allia - හරි වින්ඩි. අපි යමු.
ආලියා පෙරමුණ ගත්තා. අපි හත් දෙනා අතරින් මේ වගේ වෙලාවට ඔෆීෂියල් විදිහට හොඳටම හැසිරෙන්න පුළුවන් ආලියාට. ඒ නිසා අපි හැමතිස්සෙම එයාට අපිව ලීඩ් කරන්න ඉඩ දෙනවා (සාමාන්‍ය ජීවිතේදි නම් ඒක පට්ටපල් බොරුවක් හොඳේ.)
වින්ඩිත් එක්කම අපි හත් දෙනා බිල්ඩින්ග් එකේ උඩම තට්ටුවට ගියා. අපි යද්දි සින්ඩිත් එතනම හිටියා. අපිව සින්ඩිට බාර දීපු වින්ඩි එතනින් යන්න ගියා.
Cindy - ඔහ්. ඔයාලා කලින්ම ඇවිත්නේ.
Allia - ඔව් සින්ඩි. ඉස්කෝලෙන් කලින් ආවා.
Cindy - ඉස්කෝලෙන් කලින් ආවා කියන්නේ................කට්ටිය හොරෙන් පැන්නවත්ද?
M - එහෙමමත් නෙමෙයි.
Hazoo - එහෙමමත් නෙමෙයි කියන එකත් නෙමෙයි.
මමයි, හසූ දෙන්නම කිව්වේ කුප්ප හිනාවල් දාගෙන.
Cindy - හනේ ඉතින් මේ චූටි පිස්සියො හත් දෙනා. සින්දු කියන එක විතරක් නෙමෙයි ඉස්කෝලේ වැඩ ටිකත් හරියට කරගන්න ඕනෙ හරිද?
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
