Part 2 ✨

28 10 10
                                        

කොහොමින් කොහොම හරි ලොකු යුද්දෙකට පස්සේ ඊළඟ දවසේ ඉස්කෝලේ යන්න බඩු ටික ලෑස්ති කරලා අපි හත් දෙනාම ඇඳවල් වලට වැටුණා. ඒ වුණත් කොච්චර ඉක්මනට එළි වෙලාද කියනවා නම් අපේ එලාම් හත එක දිගටම වදිද්දි අපිට හිතුණේ අපි තාම ඇස් පියාගත්තා වගේ.

Susuki - අඩේ නවත්තපංකෝ ඔය සද්ද පූජාව.

Sakura - නිදාගන්න දීපියව්..............

නිදාගන්න ගියොත් සකුරා ලොකු එකා කියලා වෙනසක් නෑ. ඒත් ඒ හත් දෙනාම එකපාරම නැගිටලා හූ තියනකල් විතරයි

All - පරක්කු වෙලා......................

Ara - කොහෙද ඕයි මගේ ටයි එක?

Mia - ගත්ත එකෙක් මගේ සපත්තු දෙක දීපල්ලා.

Yuna - හඩේ මගේ රිබන් එක පේන තෙක් මානෙක නෑ යකුනේ.

Sakura - කෙල්ලනේ මගේ පනාව දැක්කදෝ?

Hazoki - ඇහ්. කාගෙද මේ ටවල් එක? එතකොට මගෙ එක කෝ?

Risa - හුටා මේකෙන් මගේ බ්‍රෂ් එක මොකක්දෝ?

Sususki - රිසා. මේ උඹේ මේස් දෙකද මගේ මේස් දෙකද?

අපි හත් දෙනාගෙම සුන්දර දවස හැමදාම පටන් ගන්නේ ඔය විදිහටම තමයි. අන්තිමට ලොකු ගේමක් ගහලා ලෑස්ති වෙලා ඉස්කෝලේ ළඟට යද්දි තමයි අනිත් මරාලේ පාත් වෙන්නේ. වෙනදා වගේම අදත් අපි යද්දි ඉස්කෝලේ ගේට්ටුව වහලා.

Sakura - කෙල්ලනේ. මොකද කරන්නේ?

Susuki - තාප්පෙන් පනිමු.

Sakura - ආන් හරි.

කිව්වත් වගේ සකුරා හීන් සැරේ තාප්පෙ උඩට නැගගත්තා. අපේ පූරුවේ පිනකටම ඒ තාප්පේ සාමාන්‍යයෙන් මිටියි.

අපි හත් දෙනාම පිළිවෙළට තාප්පෙට නැගලා ඉස්කෝලේ ඇතුළට පැනගත්තා. ඊට පස්සේ අපි හීන් සැරේ අපි තුන් දෙනාගේ ක්ලාස් වලට බෙදිලා ගියා.

සකුරා වැඩිමල්ම කෙනා නිසා එයා හිටියේ වෙනම පන්තියක. ඒ වගේම පොඩි උන් දෙන්නා හිටියෙත් වෙනම පන්තියක. අන්තිමට අපි හතර දෙනා. ඒ කියන්නේ, හසොකි, යූනා, ආරා, මම, අපි හතර දෙනා එකම වයසෙ නිසා අපි හිටියේ එක පන්තියක.

කොහොමින් කොහොම හරි කිසිම ටීචර් කෙනෙක්ට අහුවෙන්නේ නැතුව අපි අපේ ක්ලාස් වලට පැනගත්තා. අපිට මේ වගේ වැඩ කරලා අවුරුදු ගානක පලපුරුද්දක් තියෙනෝ.

7 PowersWhere stories live. Discover now