Part 3 ✨

37 10 17
                                        

??? - හසොකී. යූනා. ආරා. මියා. යනවලා හතර දෙනාගේ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට.

වට් ද කෙහෙල්? නැප් එකේ හොඳම හරිය. මොකාද අපේ නින්ද කැඩුව ඒ ගොං එළදෙන කියලා හොයාගන්න වගේ අපි හතර දෙනාම නැගිට්ටා. අපි හතර දෙනාගේ මේස ඉස්සර හිටගෙන හිටියේ මැටිල්ඩා කතාවේ මිස් ට්‍රන්ච්බුල් වගේ යෝද සරීරයක් තියෙන අපේ ආදරණිය හිස්ට්‍රි ටීචර්.

History teacher - යනවලා හතර දෙනාම මේ දැන්ම. මම පාඩම පටන් ගන්න කලිනුත් කිව්වා නේද මේක නිදාගන්න තැනක් නෙමෙයි කියලා. ඇයි හිතාගෙන ඉන්නේ අර පාරවල් වල තියෙන අම්බලමක් කියලද මේක? මගෙ දෑහැට නොපෙනී යනවලා හතර දෙනාම.

ඕක ඉතින් කියන්න දෙයක්යෑ. අපි කොහොමත් යනවා තමයි.

මම කෙලින්ම මගේ බෑග් එක අතට අරගෙන පන්තියෙන් එළියට ගියා. අනිත් තුන් දෙනාත් ඒ විදිහටම පන්තියෙන් එළියට ආවා. ඊළඟට අපි හතර දෙනාම එකටම කොරිඩෝ එකේ ඇවිදගෙන ගිහින් බිල්ඩින් එකෙන් එළියට ආවා.

Hazoki - දැන් මොකෝ බං කරන්නේ? පිනාගේ ඔෆිස් එකට ගියොත් නම් විසුමක් වෙන්නෙ නෑ.

Yuna - උඹට පිස්සුද බං ඒකට රිංගන්න? ඇයි උඹට තව ෆ්‍රී ලෙක්චර් එකක්වත් ඕනෙ වෙලාද?

Ara - ඇත්තටම හසොකි කිව්වා වගේ අපි මොකෝ කරන්නෙ බං? අනිත් උන් තුන් දෙනා එනකල් ඉස්කෝලේ වටයක් ගහනවද?

Mia - අපි මෙහෙම කරමු. මුලින්ම අපි අනිත් උන් තුන් දෙනාවත් පන්ති වලින් එළියට ගන්න ඕනේ. ඊට පස්සෙ හත් දෙනාම ඉස්කෝලෙන් පැනලා ගිහින් හොඳ කැෆේ එකකට සේන්දු වෙමු.

ඔන්න ඕක තමයි මම කලින්ම කිව්වේ මම හලීම හොඳ දරුවෙක් කියලා. ඕන වෙලාවක ඔය වගේ මසුරන් අදහස් මගේ ඔලුවට කඩා පාත් වෙනවා.

Yuna - අන්න වැඩේ. අනේ මියා මැණිකේ උඹ නම් මොළයක් නෙමෙයි, මොළ ගෙනාපු නැවක්. ආදරෙයි වස්තුවේ.

Mia - හී හී. මං ප්ලෑනක් ගැහුවොත් එහෙම තමා.

Hazoki - එහෙනම් දැන් පොඩි උන් දෙන්නගේ පන්තියට යමල්ලා උන් දෙන්නව එළියට ගන්නා.

Susuki - ආ සැට් එක. අපිවද හොයන්නේ?

එක පාරටම අපිට ඇහුණේ හුරු පුරුදු සද්දයක්. ඒ සුකියාගේ සද්දේ.

7 PowersWhere stories live. Discover now