Part 6 ✨

26 6 35
                                        

සිහිය එද්දි මට දැනුණේ මම නිකම් හරියට දාහකින් ගුටි කාලා වගේ. ඒ වුණත් ඇස් ඇරගන්න පුළුවන් වුණ නිසා මම හෙමින් ඇස් ඇරියා. සකුරා, හසොකි, යූනා, ආරා, සුසුකි, රිසා හය දෙනාම මගේ ළඟම බිම වැටිලා හිටියා. ඒ වුණත් අපි හිටියේ අපිට පුරුදු පාර්ක් එකේ නෙමෙයි. අපි හිටියේ රෝස පාට මල් වත්තක් මැද.

Sakura - ගයිස්. මොකක්ද අ.....අපිට ඒ වුණේ?

මම වටපිට බල බල ඉන්නකොට නැගිට්ට සකුරා ඔලුවටත් අත තියාගෙනම ඇහුවා.ඒ එක්කම එයාගේ ඇස් ලොකු වුණා.

Sakura - ඒයි. අපි මේ කොහෙද ඉන්නේ? මොකද මේ කට්ටියම බිම පත බෑවිලා. මියා. මොකක්ද වුණේ?

Mia – මටත් හිතාගන්න බෑ මොකක්ද වුණේ කියලා. මට මතක අන්තිමට අර යුනිකෝන්ගේ ඇඟෙන් එළියක් විහිදුණා කියන එක විතරයි.

මම එහෙම කිව්වම සකුරගේ ඇස් තවත් ලොකු වුණා.

Sakura - මම හිතුවා ඔය සතාව දකිද්දිම අපිට මොකක් හරි ජංජාලයක් වෙයි කියලා. කොහෙද ඉතින් මම කියපු දේ ඇහුවයෑ මේ පණ්ඩිතයො ටික. දැන් ඇද්ද? අන්තිමට අපිට නවතින්න වුණේ කොහේද කියලවත් හොයාගන්න බැරි ලෝකෙක.

Susuki - මොකාද අෆ්ෆා මේ සද්ද පූජා තියන්නේ?

Risa - ඔලුවත් කැරකෙනවා වගේ.

සකුරාගේ සද්ද පූජාවට පොඩි උන් දෙන්නා ඇසුත් කස කස නැගිට්ටා. වටපිට බැලුව ගමන් එයාලාගේ ඇසුත් උඩ ගියා.

Sususki - ඒහ්. අපි මේ මොන ලෝකෙද ඉන්නෙ බං?

Risa - මොන ලෝකෙද නම් දන්නෙ නෑ බං. ඒත් අපි ඉන්නේ සෝස පාට මල් වත්තකද කොහෙද?

Yuna - ඒයි, ආරා. අයින්ට වෙයව්. උඹ මගේ කකුල උඩ නැගගෙන ඉන්නේ.

Ara - අඩෝ මට කෑගහන්නෙ නැතුව උඹ අයින් වෙයංකො මගෙ අත උඩින්.

Hazoki - යකුනේ මොක්කුද මේ කෑගහන්නේ?

හරි. අනිත් එවුන් තුන් දෙනත් නැගිට්ටා. ඊළඟට ඒ තුන්දෙනත් ඇහුවේ අපිට තිබ්බ ප්‍රශ්නෙම තමයි.

Hazoki, Yuna & Ara - කොහෙද බං අපි මේ ඉන්නේ?

Sakura - කොහෙද බං තමයි දැන් ඉතින්. උඹලගෙ පණ්ඩිත කම තමා නිසා මේ ඔක්කොම. කෝ දැන් අර යුනිකෝන්ව කියුට් කියුට් කිය කිය ගෙදර ගෙනියන්න දඟලපු කට්ටිය. දැන් ඇද්ද? අපි මේ ඉන්නේ නොදන්න ලෝකෙක හරක් පැටව්නේ.

7 PowersWhere stories live. Discover now