Sakura - ආ ඒ පාර මොකෝ මේ පොඩි එකා බටර් තලි පිටින් ගාගෙන එන්නේ? මාව ලිස්සයි වගේ මෙහෙම ගියොත්.
සකුරාටත් වැඩේ මීටර් වෙලා වගේ. රිසා ඔය වගේ බටර් තලි පිටින් ගාගෙන එන්නෙ නම් අමුතුම වැඩකට.
Risa - නෑ අක්කේ මේකයි. අපි හුඟ කාලෙකින් ගියේ නෑනේ පාර්ක් එකට. ගෙදර යන්න තව වෙලා තියෙන එකේ අපි පාර්ක් එක පැත්තෙ පොඩ්ඩක් ඇවිදින්න යමුකෝ.
ෂාහ්. අපි පොඩි එකාට ඉඳලා ඉඳලා සෝක් අයිඩියා පාරක් ඇවිත්. ඇත්තටම අපි හුඟ කාලෙකින් ටවුන් එකේ තිබ්බ පාර්ක් එක පැත්තෙ ගියෙවත් නෑ. අපි හය දෙනාගෙම මූණු සතුටින් පිරුණා.
Susuki - අනේ අපි යමු නේද පාර්ක් එකට?
Hazoki - අනේ ප්ලීස්.
Ara - අපි යමුකෝ.
අපි හය දෙනාම එකට කෑගහන්න ගත්තා. අපි හය දෙනාම එකට වැඩට බැස්සම සකුරට වුණත් නිකම් ඉන්න බෑනේ.
Sakura - හා හා. යමුකො ඉතින්.
සකුරා එහෙම කියන ගමන් හිනා පාරකුත් දාගෙන, සුසුකිගෙයි, රිසාගෙයි කොණ්ඩ දෙකත් අවුල් කරන ගමන් ඉස්සර වුණා. අපි හය දෙනත් සකුරගේ පස්සෙන් පාර්ක් එක පැත්තට ඇදුණා.
පාර්ක් එකට තිබුණේ එන්ටර්ටේට්මන්ට් බිල්ඩින්ග් එකේ ඉඳලා ටික දුරයි. ඒ නිසා අපි හත් දෙනාට විනාඩි දහයෙන් විතර එතනට යාගන්න පුළුවන් වුණා.
Risa - හම්මියෝ දැනෙන සනීපේ.
පාර්ක් එක ඇතුළට ආව ගමන් රිසා අත් දෙක දෙපැත්තට දික් කරගෙන වටයක් කැරකුණා.
Mia - කොච්චර කාලෙකින්ද අනේ අපි මේ පාර්ක් එකට ආවේ.
Yuna - අද මිනිස්සුත් වැඩිය නැති වගේ නිසා අපිට තවත් නිදහස්.
Sakura - කෝ ළමයි එන්න ෆොටෝ එකක් ගහන්න. අද ඉතින් අපිට ස්පෙෂල් ඩේ එකක්නේ.
සකුරා කිව්වා වගේ අපි හත් දෙනාම ෆොටෝ ගහන්න පටන් ගත්තා.
Yuna - අපි මාස්ක් ටිකත් දාගෙන එකක් ගහමු. මිනිස්සුත් වැඩිය නෑනේ. කොහොමත් අපි අපේ අකවුන්ට් එකට මොකක්වත් දැම්මෙ නැති වුණාම හරිත් නෑනේ.
Sakura - ඔව් ඔව්. ඒක හොඳයි. අපි අර පඳුරත් එක්ක තියෙන ගහ ළඟට යමු. එතන මිනිස්සුන්ට පේන්නෙ නෑ.
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
