අන්තිමට පස් වෙලා තට්ටුවට යද්දි අපි හත් දෙනා හිටියේ කලන්තෙ දාන්න ඔන්න මෙන්න. ඒ නිසා කොල්ලො පස් දෙනාට අපිව අපේ කාමරේටම එක්කගෙන යන්න සිද්ද වුණා.
Danny - මේන් මේක තමයි ඔයාලාගේ කාමරේ. ඔන්න ඇඳවල් හතක් තියෙනවා. කෑම ඕනේ වෙලාවට සුරංගනාවියෝ ඒක කරලා දෙයි. ඔය ලොකු කබඩ් එකේ හත් දෙනාටම ඇති වෙන්න ඇඳුමුත් ඇති. අම්මා ඒ ටික ලෑස්ති කරලා ඇත්තේ. ඔයාලට තියෙන්නේ සතියක් යනකල් අපේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැතුව මෙහෙට වෙලා ඉන්න.
ඩැනී එහෙම කියලා අනිත් හය දෙනා එක්කම අපේ රූම් එකෙන් ගියා. අපි හත් දෙනාගේ කැරකෙන ගතිය ඒ වෙද්දි නැති වෙලා තිබුණේ. ඩැනී ඒ කියපු කතාවට නම් හැබැයි අපිට ටිකක් තරහ ගියා.
Sakura - යකෝ ඌ හිතන් ඉන්නේ අපි උන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න ආවා කියලද?
Susuki - ඕන් ඕක නිසා තමයි මට කොල්ලො කියන එවුන්ව පේන්න බැරි.
Hazoki - උන් මහ ඔලුවෙන්ද කොහෙද ඉන්නේ
Mia - අපි මෙහෙට ගෙනත් තියෙන්නේ උන්ගේ බර්ත්ඩේ එකට කොන්සට් කරන්න කියලා මුන් දන්නෙ නෑනේ ඉතින්. බක පණ්ඩිතයො ටික.
Ara - මොකෝ කියන්නේ? අපි මෙහෙන් පැනලා යන්ද කට්ටියටම තරු විසික් වෙන්න?
Risa - අන්න ඒක නම් පට්ට අයිඩියා එක ආරා. දෙමු වැඩක් සෙට් එකට අපිට ගනකම පෙන්නනවට.
Yuna - ඒ වුණත් අපි රැජිනගේ බලාපොරොත්තු කඩ කරන එක හරි නෑ නේද ළමයි? මොනවා වුණත් අපි නැති වුණොත් එයා අසරණ වෙනවා.
Sakura - යූනා කියපු කතාව ඇත්ත ළමයි. අපි ගියොත් එයා ඇත්තටම අසරණ වෙනවා. පුතාලා හත් දෙනාට වඩා අම්මා හොඳයිනේ. අපිට තියෙන්නේ ඉතින් තව මාසයක්, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමයි.
Hazoki - ඒක හොඳා. ඇත්තටම මේ කාමරෙත් පට්ටම ලස්සනයි බං. බලන්නකො අපේ පාට හතට ගානට ඇඳවල් හත තියෙනවා.
හසොකි එහෙම කිව්වම තමා අපි කාමරේ දැක්කේ. ඇත්තටම ඒ කාමරේ ගොඩක් ලස්සනයි. කාමරේ බිත්ති තනිකර ළා කොළ පාට ගාලා තිබුණා. කෙළවරක අපේ පාට හතට හරියන ලස්සන ඇඳන් හතකුත් තිබුණා. කාමරේ මැද තිබුණේ පුටු හතක් වටේට තිබුණු ලොකු මේසයක්. අපේ ඇඳවල් වලට එහා පැත්තෙන් ලොකු දොරවල් හතක් තියෙන කබඩ් එකකුත් තිබුණා. ඒ එක්කම තමයි අපි අමුතුම දේ දැක්කේ. ඒ කබඩ් එකේ දොරවල් හත ළඟ පුංචි සුරංගනාවියෝ හත් දෙනෙක් හිටියා. අපි එයාලව දැක්ක ගමන් එයාලා අපි හත් දෙනා ළඟට පියාඹලා ඇවිත් අපේ උරහිස්වල වැහුවා.
Risa - අනේ මෙයාලා හරි ෂෝයි අනේ.
රිසා එයාගේ උරහිසේ වහපු චූටි සුරංගනාවි දිහාට ඇඟිල්ලක් දික් කරන ගමන් කිව්වා. සුරංගනාවි එයාගේ චූටි අත් දෙකෙන් රිසාගේ ඇඟිල්ල හෙලෙව්වා.
Fairy - අපි හත් දෙනා ඔයාලා වෙනුවෙන්ම කැපවෙලා ඉන්නේ මාස්ක් ගර්ල්ස්. මම යූබි. මේ මගේ අක්කලා හත් දෙනා යුමී, යුකී, යූරි, යූවි, යූලි. යූනි. ඔයාලාට ඕනෙ දෙයක් අපිට කියන්න අපි ඒ දේ ඔයාලට කරලා දෙන්නම්. මම හිතන්නේ ඔයාලාට දැන් බඩගිනිත් ඇතිනේ. ඉතින් ඔයාලා මේ පුටුවලින් වාඩි වෙන්නකෝ
රිසාගේ උරහිසේ හිටපු පුංචි සුරංගනාවි යූබි කියාගෙන ගියා. අපිත් එයා කියපු විදිහටම පුටුවලින් වාඩි වුණා. ඊළඟට යූබි එයාගේ අක්කලා හත් දෙනා එක්ක පියාඹලා උඩට ගිහින් සුරංගනා කුඩු ටිකක් මේසය පුරාම ඉසුවා. මේසට උඩ කෑම ජාති ගොඩක් පිරුණා.
Hazoki - වාව්. ඔයාලා හැමෝටම තැන්ක් යූ සෝ මච්.
ඒ වෙද්දි අපි හැමෝටම ඇත්තටම බඩගිනි දැනිලා තිබුණේ. ඉතින් අපි සුරංගනාවියෝ මවලා දුන්න කෑම එකින් එක හෙමින් රස බලන්න පටන් ගත්තා. ඇත්තටම ඒවා ගොඩක් රසයි.
Susuki - දෙයියනේ. මේවයේ තියෙන රස.
Risa - මම මෙච්චර කල් හිතන් හිටියේ විත්යූ කැෆේ එකේ කෑම තමයි රසම කියලා. ඒ වුණත් මෙහෙ කෑම ඊට වඩා රසයිනේ.
අපි හැමදෙනාම අපේ බඩගින්න නැති වෙනකල්ම අපේ අනුභවය ක්‍රියාත්මක කරගෙන ගියා. කාලා ඉවර වුණාට පස්සේ ඉතුරු වුණ දේවල් සුරංගනාවියෝ අතුරුදහන් කරලා දැම්මා.
Sakura - ඉතින් අපි දැන් මොකද කරන්නේ?
Yuna - මෙහෙට දැන් වෙලාව කීයද දන්නෙ නෑ.
Yubi - මෙහෙට තියෙන්නෙත් ඔයාලාගේ මනුස්ස ලෝකේ වෙලාවම තමයි.
Mia - ඒ කියන්නේ දැන් මෙහෙටත් හවස හයහමාරයි කියන එකද?
Yubi - හරියට හරි. මම හිතන්නේ දැන් ඔයාලා නිදියන වෙලාවනේ. ඔයාලා නිදාගන්න. අපි යන්නම්. උවමනාවක් වුණොත් මගේ නම කතා කරන්නකෝ. අපි හත් දෙනාම මෙතනට එන්නම්.
Risa - අනේ තැන්ක් යූ යූබි. ගුඩ් නයිට්.
Yubi - ගුඩ් නයිට් මාස්ක් ගර්ල්ස්.
යූබි එහෙම කියලා අනිත් සුරංගනාවියෝ එක්ක අතුරුදහන් වුණා. එයාලා ගියාට පස්සේ කාමරේ හිටියේ අපි හත් දෙනා විතරයි.
----------------------------------------------
ඔන්න හත දාහතර වුණා. 😜
ඉස්සරහට මොන බිබික්කමක් වෙයිද කියන එක නම් ඉතින් දෙයියොම තමා දන්නෙ. 😌
ඉස්සරහටත් රැඳිලා ඉන්නකෝ.
අපි බලමු මොනවා වෙයිද කියලා
-Mashimoto Mia 🌹-
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 7 ✨
Start from the beginning
