Danny - ආහ්. ඒකත් එහෙමද? මෙහෙ එහෙම ඒවා නෑ. අපිට තමයි ඔයාලව උඩට එක්කගෙන යන්න වෙන්නේ.

Hazoki - මොකක්..........

Danny - මල්ලිලා. එක එක්කෙනා එක එක්කෙනාව කාපට් එක උඩට ගන්න.

ඩැනී එහෙම කියලා සකුරාගේ අතින් ඇදලා එයාව මැජික් කාපට් එකක් උඩට ඇදලා ගත්තා. ඒක දැකලා අපි ඩිම් වුණා. හැබැයි තප්පරයක් යන්නත් කලින් අපිටත් වුණේ ඒ සන්තෑසියම තමයි. හසොකි හිටියේ හෝෂිගේ කාපට් එක උඩ. යූනා හිටියේ නික්ගේ එකේ. ආරා හිටි‌යේ සන්ගේ එකේ. පොඩි උන් දෙන්නා පිළිවෙළින් යුන්ගිගෙයි, ජේක්ගෙයි කාපට් උඩ. අසරණ මම හිටියේ රිකීගේ කාපට් එක උඩ.

Riki - හයියෙන් අල්ලගන්න. නැත්නම් පියාඹද්දි වැටෙයි.

රිකී මගේ කනට කෙඳිරුවා. මාව රත් වුණා. දැකලා තාම විනාඩි ගානයි. එනවා මෙතන පණ්ඩිත කතා කියන්න. හැබැයි එයාගේ වොයිස් එක නම් පට්ටයි.

Danny - ලෑස්ති නම් යමු.

ඩැනී එහෙම කියලා කාපට් එකට කකුලෙන් තට්ටු කළා. කාපට් එක එකපාරටම පියාඹන්න පටන් ගත්තේ අපේ සකුරා ඩැනීව බදාගෙන හූ කියද්දි.

Riki - ඕන් ඕකයි කිව්වේ පණ්ඩිතයා නොවී අල්ලගන්නවා කියලා.

රිකී එහෙම කියලා එයාගේ කාපට් එකටත් තට්ටුවක් දැම්මා. අපේ කට්ටිය හූ තියද්දි අනිත් කාපට් ටිකත් උඩට ගිහිල්ලයි තිබුණේ.

නම්බුවට වඩා ජීවිතේ වටින නිසා මම රිකීව හයියෙන් අල්ලගත්තේ කාපට් එක පියාඹන්න පටන් ගනිද්දි. මේ වෙද්දි අපි හත් දෙනාම කාපට් එක්ක පියාඹ පියාඹ හිටියේ. ඔය අතරේ අපි දැක්කේ හරි ජොලි වැඩක්. යුන්ගි එක්ක වලියක් කාලා කාපට් එකේ පාලනේ ගත්ත අපේ සුකියා කාපට් එක එහාට මෙහාට පද්දන්න ගත්තේ යුන්ගිට කැරකිල්ල හදවන ගමන්.

Yoongi - ඕයි පිස්සි. ඕක නවත්තනවා. මෙන්න මෙහාට දෙනවා කාපට් එක.

යුන්ගි සුසුකිට සද්දයක් දාලා කාපට් එකේ පාලනේ ආයෙත් අරගෙන කලින්ටත් වැඩිය හයියෙන් පියාඹන්න ගත්තේ අපේ සුකියා ආයෙත් කාපට් එකේ පාලනේ අතට ගනියි කියලා බයෙන් වගේ.

Riki - අපිත් යමු.

රිකී එහෙම කියලා එයාගේ කාපට් එකේ වේගෙත් වැඩි කළා. බය වැඩි කමටම මම හූ තිබ්බා නෙමෙයි තියවුණා. අපේ අනිත් අයත් වෙනසක් නෑ. එයාලත් කොල්ලො හත් දෙනාගේ කන් හිරි වැටෙන්නම හූ තිය තිය හිටියේ.

7 PowersWhere stories live. Discover now