සකුරා එහෙම කිව්වේ අපි හය දෙනාම වටේ අත් දාගෙන. අපිත් අපේ ලොකු අක්කා වටේ එකතු වුණේ රැජිනට ඒක තේරුම් කරලා දෙන්න.
Queen - අනේ ඔයාලා හරි ෂෝක් අක්කලා නංගිලා ටිකක් වගේ. ඔයාලා ඉල්ලන දේ එහෙමම වෙයි. ඩැනී. මල්ලිලා එක්ක ගිහින් මෙයාලාට එයාලාගේ අලුත් කාමරේ පෙන්නන්න. පස් වෙනි තට්ටුවේ ලොකු රූම් එක දැනටමත් ලෑස්ති වෙලා ඇති.
Danny - අපි. ඇයි අපිම? සුරංගනාවියන්ට කියන්න.
Queen - ඩැනී!
රැජින එහෙම කියන ගමන් ඩැනියල් දිහාට සැර බැල්මක් දැම්මා. ඩැනී නහයෙන් පිම්බා.
Danny - ඕහ්. හරි අම්මා. මල්ලිලා. එන්න යමු. මේහ්. ඔයාලා එන්න අපිත් එක්ක.
ඩැනී ඕනෙවට එපාවට වගේ අපේ පැත්ත හැරිලා කිව්වා. රැජින අපි දිහා බලලා හිනා වුණා.
Queen - එයාලා එක්ක යන්න ළමයි. බය වෙන්න එපා. එයාලා ඔය ඔරවගෙන හිටියට එයාලා හරි හොඳයි.
Sakura - එහෙමවත් හිතමුකෝ.
රැජිනටවත්, කොල්ලො හත් දෙනාටවත් ඇහෙන්නෙ නැතුව අපිට මුමුණපු සකුරා නහයෙන් පිඹින ගමන් කොල්ලො හත් දෙනා පස්සෙන් ගියා. අපිත් සකුරා පස්සෙන් ගියා.
අපිව දොරකින් ඇතුළට එක්කගෙන ගිය කොල්ලො හත් දෙනා අත්පුඩි තුනක් ගැහුවා. එකපාරටම මැජික් කාපට් හතක් එතනට පාවෙලා ආවා.
Danny - අපිට මේවයින් තමයි උඩට යන්න වෙන්නේ. ඔයාලා මීට කලින් මේවා පාවිච්චි කරලා ඇතිනේ.
ඩැනී කිව්වේ සකුරාගේ මූණට එබීගෙන. සකුරා ඩිම් වෙලා පස්සට වුණා.
Sakura - මේ...... මේ...... අපි.
Mia - නෑ. අපේ රාජ්‍යයේ අපි පාවිච්චි කරන්නේ මේ...... ස්වයංක්‍රීය පඩිපෙල්. අපිට මැජික් කාපට් වල ගිහින් පුරුදු නෑ.
මම කටට ආව පට්ටපල් බොරුවක් කිව්වා. හැබැයි ඒකෙ ඇති වැරැද්දකුත් නෑ. මනුස්ස ලෝකේ ස්වයංක්‍රීය පඩිපේළි තියෙයිනේ.
සකුරා මගේ මූණ දිහා බැලුවේ ස්තූති පූර්වක විදිහට. අනිත් පස් දෙනාත් එහෙමම තමයි. මොනවා වුණත් තැනට ගැළපෙන බොරු හදන්න මට හොඳ හැකියාවක් තියෙනවා.
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 7 ✨
Start from the beginning
