යුනිකෝන්ලා අපිවත් පිටේ තියාගෙන ගිහින් නැවතුණේ ගොඩක් ලොකු මාලිගාවක් ඉස්සරහා. ඒ මාලිගාව කිරිගරුඬ වලින් හදලා තිබුණා වගෙයි පෙනුණේ. මාලිගාව වටේටම තිබුණේ ලස්සන දම් පාට අයිරිස් මල් වැල්.

Buttercup - ඔන්න අපි තැනට ආවා.

Merigold - හැමෝම දැන් නැවෙන්න.

මෙරිගෝල්ඩ් එහෙම කිව්වම හැමෝම කකුල් නවලා බිමට පාත් වුණා. අපි හත් දෙනා ඉක්මනට එයාලාගේ පිටෙන් බැස්සා.

Sakura - දැන් අපි මොකක්ද කරන්න ඕනේ?

Blackjack - දැන් ඔයාලා හත් දෙනාම ෆැන්ටසි කාසල් එකට ඇතුළු වෙන්න ඕනේ. කොහොමත් ඔයාලාට වැඩි දුරක් යන්න කලින් ක්වීන් සොෆියාව හම්බවෙයි. එතනින් එහාට කරන්න ඕනේ දේ එයා ඔයාලට කියයි.

Senniter - කොහොමද මාලිගාවට යද්දිම මෙයාලට ප්‍රින්ස්ලා හත් දෙනාව සෙට් වුණොත්......

සෙනිටර් එහෙම කියන ගමන් ආයෙත් එයාගේ අමුතු යුනිකෝන් නැටුම නටන්න ගත්තා.

Lavender - ෂූප්. කටපියන් හිටුකො සෙනිටර්. හරි. මාස්ක් ගර්ල්ස්. ඔයාලා දැන් කෙලින්ම මාලිගාව ඇතුළට යන්න. සෙනීගේ පිස්සු කතා ගනන් ගන්න එපා.

Merigold - කෝ ඉතින් යන්න. ඇයි බලන් ඉන්නේ? මොකක් හරි උදව්වක් ඕනෙ වුණොත් අපිව මතක් කරලා අපේ නම කියන්නකෝ. අපි එතනට එන්නම්.

Buttercup - එහෙනම් බායි.

යුනිකෝන්ස්ලා එහෙම කියන ගමන් ආයෙත් එයාලා ආව පැත්තටම දුවගෙන ගියා. අපි හත් දෙනා විතරක් කාසල් එක ඉස්සරහ තනි වුණා.

Sakura - යමුකො බලන්න ඔය ක්වීන් සොෆියා කියන්නේ කවුද කියලා.

සකුරා එහෙම කියන ගමන් ඉස්සර වුණා. අපි හය දෙනාත් හෙමින් එයාගේ පිටිපස්සෙන් කාසල් එක පැත්තට යන්න පටන් ගත්තා.

කාසල් එකේ වත්ත හරහා ගියපු අපි ඒකේ ප්‍රධාන දොරටුව ළඟට යන්න ලොකු ගඟක් හරහා වැටුණු ලස්සන පාලමකින් එගොඩ වුණා. පාලමට යටින් ගලාගෙන ගියපු ඒ ගඟේ වතුර පළිඟු වගේ පැහැදිලියි. ඒ වගේම ඒ ගඟේ හිටියේ අපි ජීවිතේටවත් දැකලා නැති පාට පාට මාළු.

පාලමෙන් එගොඩ වුණ අපි හත් දෙනාම ප්‍රධාන දොරටුවෙනුත් ඇතුළට ගියා. ඇතුළට ගිහාම අපි දැක්කේ වෙනමම ලෝකයක්.

7 PowersWhere stories live. Discover now