වාව්. මොනවද මේ වෙන්නේ? මේ යුනිකෝන්ස්ලා අයිති අපිටද? ඒක කොහොමද එහෙම වෙන්නේ?

මම අනිත් අයගේ මූණු දිහා බැලුවා. එයාලාගේ ඇස් ජිල් බෝල වලටත් වඩා ලොකු පිඟානක් සයිස් එකටම ලොකු වෙලා.

Sakura - ඔ..........ඔයා කියන්නේ. ඔ.....ඔයාලාව අයිති අ......අපිට කියලද?

Senniter - ඔව් අනේ ඔව්. අපි ඔයාලගෙම තමයි. හසූ. මම තමයි ඔයාගේ යුනිකෝන්. ඉතින් එන්නකෝ අනේ. මගේ පිටට නගින්නකෝ. මට ආසාවෙ බෑ ඔයාව පිටේ තියාගෙන රවුමක් යන්න.

සෙනිටර් එහෙම කියන ගමන් අමුතු යුනිකෝන් නැටුමක් දැම්මා.

Atlantis - යාහ්. දඟලන්න එපා මෝඩියේ. හසූටත් ඔහොම ගියොත් ඔයාව එපා වෙනවා. ආලියා. ඔයා තමයි මගේ අයිතිකාරිය. මම ඔයාට ඕන දෙයක් කරන්න බැඳිලා ඉන්නවා.

Merigold - ඉතින් ඇයි ඔයාලා බලාගෙන ඉන්නේ? ඔයාලාගේ යුනිකෝන්ස්ලා ළඟට ගිහින් එයාලාගේ පිටවල් වලට නගින්න. එම්. ඔයා එන්න මගේ පිට උඩට. මම තමයි ඔයාගේ යුනිකෝන්.

මෙරිගෝල්ඩ් එහෙම කියන ගමන් බිමට පාත් වෙලා මට එයාගේ පිට උඩට නගින්න අවස්ථාවක් දුන්නා. අනිත් යුනිකෝන්ස්ලා ටිකත් බිමට නැමුනේ අනිත් අයටත් එයාලාගේ පිට උඩට නගින්න එන්න කියනවා වගේ.

අපි හත් දෙනාම ටිකක් පුදුම වෙලා හිටියත් හෙමින් යුනිකෝන්ස්ලා ළඟට ගිහිල්ලා එයාලාගේ පිටවල් උඩට නැග්ගා. යුනිකෝන්ස්ලා හෙමින් ආයෙත් ඉස්සුණා.

Lavender - අනේ දෙයියනේ. සෝයි මගේ පිට උඩ. මේක නම් හීනයක් වගේ දෙයියනේ.

Eron - මාව හයියෙන් අල්ලගන්න ලියා. මම ටිකක් වේගෙන් දුවනවා හොඳේ.

Susuki - අලේව් හලි ෂෝයි අප්පා. මටම මගේම යුනිකෝන් කොල්ලෙක් ඉන්නෝ.

සුසුකි එහෙම කියලා යුනිකෝන්ගේ බෙල්ලම බදාගත්තා.

Merigold - එහෙනම් ගයිස්. කෙලින්ම ෆැන්ටසි කාසල් එකට

මෙරිගෝල්ඩ් එහෙම කියලා හේෂාරවයක් කළා. අනිත් යුනිකෝන්ස්ලා හය දෙනක් හේෂාරවයක් ඒකට උත්තරයක් විදිහට හේෂාරවය කළා. ඊළඟට මෙරිගෝල්ඩ් හුළඟ වගේ වේගෙකින් දුවන්න ගත්තම අනිත් කට්ටියත් දුවන්න ගත්තා. එයාලාගේ පිට උඩ හිටපු අපි හත් දෙනා එයාලාගේ කේසර වලින් තදින් අල්ලගත්තේ එයාලා මේ දුවන දිවිල්ලට බිම වැටුනොත් ආයේ කෑලිවත් හොයාගන්න බැරි නිසා.

7 PowersWhere stories live. Discover now