Sususki - අපිට විතරක් බනින්නේ? ඇයි ලොක්කක්කත් කිව්වේ එයා කියුට් කියලා. එනවා මෙතන බොරුවට අපිට සද්දෙ දාගෙන.
??? - අහ්. ඔයාලා නැගිට්ටද?
එකපාරටම අපිට අපේ ඔලු වලට උඩින් සද්දයක් ඇහුණා. අපි හත් දෙනාම ඒ දිහා බැලුවා. එතන හිටියේ අපි පාර්ක් එකේදි දැක්ක යුනිකෝන්.
??? - හෝව් හෝව් බය වෙන්න එපා. මම මෙරිගෝල්ඩ්. ඔයාලව අපේ ෆැන්ටසි ලෝකෙට අපි සාදරයෙන් පිළිගන්නවා.
Risa – ඒයි සුකියෝ? යකෝ මම දකින්නේ හීනයක්ද බං?
Susuki - අඩේ මටත් එහෙමම හිතෙනවා බං. මේ යුනිකෝන් ඇත්තටම කතා කළාද?
Merigold - හී හී. මට බය වෙන්න එපා. මට කතා කරන්න පුළුවන් තමයි. මෙහෙ ඉන්න හැම යුනිකෝන් කෙනෙක්ටම කතා කරන්න පුළුවන්.
Sakura - ආ කතා කරන්න පුළුවන් වුණ එක තවත් හොඳයි. ඔයා නේද අපිව කිඩ්නැප් කළේ? අපිව කිඩ්නැප් කරපු එකට හොඳ හේතුවක් නැත්නම් එහෙම මම ඔයාගේ ලෝම එකින් එක ගලවනවා.
සකුරා එහෙම කෑගැහුවම මෙරිගෝල්ඩ් හිනා ගියා.
Merigold - හම්මෝ ආලියාගේ සැර. ස්ටේජ් එකේ ඉන්න ආලියාට වඩා මෙයා සැරයි වගේ නේද?
මෙරිගෝල්ඩ් ඒ කිව්ව කතාව ඇහුවම අපි පුදුම වුණා. මේ යුනිකෝන් අපේ ස්ටේජ් නේම් දන්නවද?
Mia - ඔ....ඔයා අපේ ස්....ස්ටේජ් නේම් ටිකත් ද......දන්නවද?
Merigold - සේටේජ් නේම් විතරක් නෙමෙයි එම්. මාස්ක් ගර්ල්ස්ලා ගැන අපි නොදන්න දෙයක් නෑ. ඔයාලා තමයි අපේ ෆැන්ටසි වර්ල්ඩ් එකේ වීරවරියෝ.
මෙරිගෝල්ඩ් එහෙම කියලා ලොකු හේෂාරවයක් කළා. ඒ එක්කම තව යුනිකෝන්ස්ලා හය දෙනෙක් අපේ ළඟට ආවා. මෙරිගෝල්ඩ් එක්ක එතන යුනිකෝන්ස්ලා හත් දෙනෙක් හිටියා. එයාලා හත් දෙනා පාට හතක්. නිල්, රෝස, දම්, කළු, සුදු, රතු, කහ. අපේ ඔෆීෂියල් කලර්ස් හතමයි.
Merigold - මේ ඉන්නේ අපේ ලෝකේ ඔයාලටම කැපවුණු යුනිකෝන්ස්ලා හත් දෙනා. මේ නිල් පාට කෙනා ඇට්ලැන්ටිස්. රෝස පාට කෙනා සෙනිටර්. දම් පාට ලැවැන්ඩර්. කළු පාට බ්ලැක්ජැක්. සුදු පාට මම. රතු පාට එරෝන්. කහ පාට බටර්කප්. අපි හත් දෙනා අයිති ඔයාලට.
ŞİMDİ OKUDUĞUN
7 Powers
Fantastikලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 6 ✨
En başından başla
