Yuna - අනේ හසෝ. බය වෙන්න එපා. මේන් මෙහෙ එන්න අනේ යන්න.

යූනා එහෙම කියන ගමන් පඳුරට උඩින් පැනලා කෙලින්ම යුනිකෝන් ළඟට ඇවිදගෙන ගි‌ගේ කිසිම බයක් සැකක් නැතුව.

එයා තනියම යනවනම් අපිත් බලන් ඉඳලා හරියන්නේ නෑනේ. අපි හය දෙනත් යූනාගේ පස්සෙන්ම යුනිකෝන් ළඟට ගියා.

කිසිම බයක් නැතුව යුනිකෝන් ළඟට ඇවිදගෙන ගිය යූනා හරියටම යුනිකෝන්ට මුහුණට මුහුණලා හිටගෙන එයාගේ අත්ල යුනිකෝන් දිහාට දික් කළා. යුනිකෝන් ඒක දිහා බලාගෙන හිටියේ බය පිරුණු පුදුමයකින්. ඒ වුණත් ටික වෙලාවකට පස්සෙ එයා හෙමින් හෙමින් යූනා දිහාට එන්න පටන් ගත්තා.

Ara - යූනා. යූනා පරිස්සමෙන්.

යුනිකෝන් යූනා ළඟට එනවා දැකපු ආරා එහෙම මුමුණද්දි යූනා කිසිම බයක් නැතුව කෙළින්ම යුනිකෝන් දිහාට අත දික් කරගෙන හිටියා. ටිකෙන් ටික යූනාගේ ළඟටම ආව යුනිකෝන් හෙමින් එයාගේ නළල යූනාගේ අත්ලේ තිබ්බා. අපි හැමෝම ගොඩක් පුදුම වුණා. යූනා යුනිකෝන් එක්ක හිනා වෙලා දිගටම එයාව අතගගා හිටියා.

Yuna - ඒයි කෙල්ලනේ. මොකක්ද ඔතනට වෙලා කරන්නේ? බලන්නකෝ අනේ මෙයා කොච්චර ලස්සනයිද කියලා. එන්නකෝ මෙයාව ටිකක් අතගාන්න.

යූනා අපිට එහෙම කිව්වම අපේ හිතේ තිබුණ බයත් ටිකෙන් ටික නැතිවෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි හැමෝමත් හෙමින් යුනිකෝන් ළඟට සේන්දු වුණා.

Yuna - කෝ මියා ඔයාගෙ අත දෙන්න.

යූනා එහෙම කියන ගමන් මගේ අත ඇදලා අරගෙන යුනිකෝන්ගේ නළලෙන් තිබ්බා. මම ඇත්තටම ගොඩක් පුදුම වුණා. ඒ යුනිකෝන් කිසිම දෙයක් කළේ නෑ. එයාගේ ලොම් ගොඩක් සිනිදුයි.

Mia - අනේ මෙයා හරිම ෂෝයි අනේ. ඔයාලත් එන්නකෝ.

Sakura - මට තාම හිතාගන්න බැරි මිත්‍යා සතෙක් කොහොමද එකපාරටම මෙහෙට මතු වුණේ කියලා.

Sususki - මිත්‍යා සතෙක් බැරි නම් මොකෙක් හරි.

Risa - අපි නම් එයාට කැමතියි.

පොඩි ඩබල එහෙම කියන ගමන් ඇවිල්ලා යුනිකෝන්ගේ බෙල්ලේ එල්ලුනා. යුනිකෝනුත් සෙල්ලමට වගේ පුංචි හේෂාරවයක් කළා. අන්තිමට ආරායි, හසොකියි, සකුරායිත් හෙමින් යුනිකෝන් පැත්තට එන්න පටන් ගත්තා.

Ara - අනේ මෙයා මාර හුරතල් හලෝ. මට මෙයාව ගෙදර ගෙනියන්න හිතෙනවා.

Hazoki - ඩෝම් එකේ ඉඩ තියෙයි නම් මමත් ආසයි මෙයාව එක්කගෙන යන්න. සකුරා. ඔයත් ඇවිත් අතගාලා බලන්නකෝ මෙයාව. මෙයා නම් පුළුං කොට්ටයක්.

හසොකිත් එහෙම කියන ගමන් යුනිකෝන්ව බදාගත්තා. යුනිකෝන් ආයෙත් හේෂාරවයක් කළේ සකුරටත් එයා ළඟට එන්න කියන්න වගේ.

Ara - ඒ සකුරා. මොකක්ද හලෝ ඔතෙන්ට වෙලා මේ සතාව කන්න වගේ බලන් ඉන්නේ? මේන් මෙහෙට එනවකෝ.

ආරා එහෙම කියලා සකුරව යුනිකෝන් ළඟට ඇදලා අරගෙන එයාගේ අතක් යුනිකෝන්ගේ ලොම් උඩින් තිබ්බා. සකුරගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම එයාගේ මූණ පුරා ඇඳිලා ගියේ ලස්සන හිනාවක්.

Sakura - අනා. මෙයා හරිම සොෆ්ට්නේ. මම හිතුවට වඩා මෙයා සෝයි.

සකුරා එහෙම කියන ගමන් යුනිකෝන්ව දිගටම අතගාන්න පටන් ගත්තා. මේ වෙද්දි අපි හත් දෙනාම යුනිකෝන්ව ලොම් එක්ක සෙල්ලම් කර කර හිටියේ. ඒ වුණත් එක පාරටම ලොකු හේෂාවරයක් කරපු යුනිකෝන් ලොකු ආලෝකයක් පිටකළේ අපේ ඇස් නිලංකාර වෙලා වැහිලා යද්දි............................................

---------------------------------------------------------------------------------------

මාස්ක් ගර්ල්ස්ලාට මොනවා වෙන්න ඇත්ද? 😶

ඒවා පස්සේ 😌

දැන ගන්න ඕනෙ නම් ඉතින් මේවට කමෙන්ට් පාර ගානේ දාගෙන යන්න හොඳේ. 😉

ඒ එක්කම ‌Memoria එනකල් බලන් ඉන්න කට්ටිය ඒ පැත්තටත් යන්න. 

ඒනම් මම ගියා.

Byeeee 

-Mashimoto Mia - 🌹

7 PowersWhere stories live. Discover now