සකුරා පඳුරක් ළඟ තිබ්බ ලොකු ගහක් අපිට පෙන්නුවා. ඊළඟට අපි හැමෝම ඒ ගහ ළඟට ගිහිල්ලා වටපිට බලලා අපේ මාස්ක් ටික දාගත්තා.

Sakura - හරි ඔන්න. කට්ටියම චීස්.

සකුරා එහෙම කියන ගමන් ෆොටෝ එක ගහන්න එයාගේ ෆෝන් එක උඩට ඉස්සුවා. ඒ එක්කම සුකියා එකපාරටම කෑගහන්න ගත්තා.

Susuki - හෝව් හෝව්. මොකක්ද අර ගහ පිටිපස්සෙ පේන ලොකු එළිය? මේ ෆෝන් එකෙන් බලන්නකෝ.

සුසුකි සකුරාගේ ෆෝන් එකේ පේන ගහේ ප්‍රතිබිම්බයට ඇඟිල්ල දික් කරන ගමන් කිව්වා. එයා කිව්වා වගේම සකුරාගේ ෆෝන් එකෙන් ගහ ළඟ ලොකු එළියක් පෙනුණා.

Hazoki - ඒහ්. ඇත්තටම ඔව්මයි. මොකක්ද ඒ ලොකු එළිය?

අපි හත් දෙනාම එකපාරම පිටිපස්ස හැරුණා. ෆෝන් එකෙන් පෙනුණා වගේම ලොකු එළියක් අපිට පිටිපස්සෙ තිබුණ පඳුර ළඟින් අපි දැක්කා. අපි හැමෝම ගොඩක් පුදුම වුණා.

Risa - ඇ.....ඇත්තටම මොකක්ද ඒ එළිය? සුකියෝ.

Ara - ඇත්තටම එක පාරටම ලොකු එළියක් කොහෙන්ද මතු වුණේ?

Yuna - ගිහින් බලමු.

යූනා එහෙම කියාගෙන පෙරමුණ ගත්තා. අපි හය දෙනාත් යූනා පස්සෙන්ම ඇදුණා. ඉස්සරහින්ම ගියපු යූනා හෙමින් පඳුරට උඩින් එබිලා බැලුවා. ඒ එක්කම එයාගේ ඇස් දෙක ගොඩක් ලොකු වුණා.

Sakura - යූනා. ඔතන මොනවද තියෙන්නේ?

Yuna - ස....සකුරා. ඔ....ඔයාලා මේක ද....දකින්න ඕනේ. ම....මට තාම හිතාගන්න බෑ මේක ඇත්තක්ද කියලා

යූනා එහෙම කිව්වේ පඳුරට උඩින් එබීගෙනමයි. එයා එහෙම කියපු නිසා අපි හය දෙනාත් පඳුරට උඩින් එබිලා බැලුවා. ඒ එක්කම අපේ ඇසුත් යූනාගේ ඒවා වගේම ලොකු වුණේ එතන තිබුණ දේ දැකලා. එතන හිටියේ ලස්සන කේසර වැටියක් තිබුණ සුදුම සුදු පාට යුනිකෝන් කෙනෙක්.

Mia - මො.......මොකක්. යුනිකෝන් කෙනෙක්?

Ara - මේක හීනයක්ද? නැත්තම් ඇත්තක්මද?

Sakura - මම හිතන් හිටියේ යුනිකෝන්ලා කියන්නේ මිත්‍යා සතෙක් කියලනේ.

Yuna - අපි ගිහින් අතගාලා බලමු.

Hazoki - යූනා. ඒක ඩේන්ජරස්. අපි දන්නෙවත් නෑනේ මේ යුනිකෝන් කොහෙන් මෙහෙට ආවද කියලා

7 PowersHikayelerin yaşadığı yer. Şimdi keşfedin