Dari - අපි ඉස්කෝලේ වැඩ හරියට කරනවා අනේ.

Zoe - ඒ වුණාට ඒ ටීචර්ලා අපිව පන්ති වලින් පන්නනවනේ.

Lia - එයාලා අපිට කැමති නෑ අෆ්ෆා.

Bella - එයාලා අපිට කැමති නෑ. අපි එයාලට කැමති නෑ. ඒකයි මෙතන තියෙන අවුල.

එයාලා කියපු කතාව සහතික ඇත්ත. එයාලාට අපිව පේන්න බෑ. අපිට එයාලව පේන්න බෑ.

Cindy - හ්ම් හ්ම්. හාකො ඉතින්. එහෙනම් සුබ මොහොතින් හත් දෙනාම මේ කම්පියුටර් එකේ ස්පේස් කී එක උඩින් අත තියමුකො බලන්න.

Allia - අනේ සින්ඩි. ඔයාලා සේරම කළාද?

M - අපිට තියෙන්නේ කී එක ප්‍රෙස් කරන්න විතරද?

Cindy - ඔව් ඉතින්. අපේ චූටි ස්ටාර්ස්ලා හත් දෙනා මහන්සි වෙලා සෝන්ග් එක කිව්වම අනිත් වැඩ ටික කරන එක අපේ යුතුකමනේ. මම හරි නේද?

සින්ඩි එහෙම කිව්වේ හිනාවෙවී. අපි හත් දෙනාටම සින්ඩි ගැන ලොකු ආදරයක් ඇති වුණා.

Allia - ඔහ්. සින්ඩි. වී ලව් යූ.

ආලියා එහෙම කියලා සින්ඩිව හග් කරගත්තා. අපි හය දෙනාත් ගිහින් සින්ඩිව හග් කරගත්තා. සින්ඩිත් අපි හත් දෙනාගෙම වටෙන් අත දාලා අපිවත් බැක් හග් කරගත්තා.

Cindy - මම දන්නවා කෙල්ලනේ. මමත් ඔයාලට ගොඩක් ආදරෙයි. එහෙනම් දැන් මේ කී එක ප්‍රෙස් කරන්න කට්ටියම.

සින්ඩි එහෙම කියලා අපිට කම්පියුටර් එකක් පෙන්නුවා. අපි හත් දෙනාම එකට එන්ටර් කී එක ප්‍රෙස් කළා. අපේ සින්දුව හරියටම හතරහමාර වෙද්දි යූටියුබ් එකට රිලීස් වුණා.

All - යේ. වී ඩිඩ් ඉට්.

සෝන්ග් එක රිලීස් වුණාට පස්සේ අපි හත් දෙනා ගෲප් හග් කරගත්තා.

Cindy – Congratulations mask girls.

All - තැන්ක් යූ සෝ මච් සින්ඩි.

අපි හත් දෙනාම ආයෙත් සින්ඩිට ලොකු හග් එකක් දුන්නා. ඇත්තටම සින්ඩි හරියට අපේම පවුලේ කෙනෙක් වගේ.

Cindy - ඉතින්. දැන් ඔයාලා මොකක්ද කරන්න ලෑස්ති වෙන්නේ? හෙට කොන්සට් එකකුත් තියෙයි නේ.

Allia - ඔව් සින්ඩි. අපි අද ගිහින් කලින් නිදාගන්න ඕනේ. නැත්තම් එහෙම හෙටත් වෙන්නේ පිනාගේ ඔෆිස් එකට යන්න කිව්වම තාප්පෙන් පැනලා එන එක තමා.

Cindy - හ්ම්ම්. ඒක හොඳයි. එහෙනම් දැන් ඔයාලාගේ ඩෝම් එකට යන්නකෝ.

All - හරි. බායි සින්ඩි.

Cindy - බායි පැටව්නේ.

අපි සින්ඩිගෙන් සමු අරගෙන එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එකෙන් එළියට ආවා. බිල්ඩින්ග් එකෙන් එලියට ආව හැටියෙම අපි අපේ අයි මාස්ක් ටික ගලවගත්තේ කවුරු හරි අපිව ඒ විදිහට දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා.

(ආයෙත් නම් මාරු වෙනෝ)

Sakura - හ්ම්. කට්ටියම ඩෝම් එක බලා ගමනේ යා.........

Risa - අක්කණ්ඩී. ඔයා මගේ සුදුම සුදු හොඳම හොඳ අක්කා බබානේ.

හැහ්. රිසාගේ බටර් පාරක්? මේකි මොකාටද මේ එන්න ලෑස්තිය?


---------------------------------------------------------------------------------------

හෙලෝ ටියුලිප්ස්ලා  🥰🌷

කොච්චර කාලෙකින්ද නේද?

ඔයාලාව අමතක කරන්න බැරි නිසා මේ පැත්තට ආවා කතාව දීලා යන්න. 😜 මේ ඕතරී හොඳයිනේ. ‌😇😇

මේ චැප්ටර් එකත් එක්කම තව එකක් දාන්නම් 😊😊

-Mashimoto Mia- 🌹

7 PowersWhere stories live. Discover now