Risa - ආ. දැන් මංද මෙතන ගොනා. එහෙනම් තෝ තමයි මෙතන ඉන්න ගොං නෑම්බි.
Hazoki - හා හා. පොඩි උන් දෙන්නා. මෙතන වලි එපා හරිද?
Mia - ඇත්තටම සකුරා ඔයා ළඟ සල්ලි නැත්තෙ නෑනේ. නේද?
Sakura - නැත්තෙ නෑ. ඒත් මුං මේ කන කෑමට කීයක් යයිද කියලයි මට සැක.
Ara - හා හා ළමයි. දැන් කෑවා ඇති වගේ නේද?. අපි යමුනේ. එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එකට යන්නත් තියෙයිනේ.
Sakura - යන්තං ඇති එකෙක්ට හරි මොළේ පෑදුණා. එනවලා යන්න.
සකුරා අපි කට්ටියවත් ඇදගෙන කැෂියර් එකට බිල් එක පේ කරලා අපේ ඩෝම් එකට යන්න පිටත් වුණා.
-------------------------------
Susuki - වාහ්. කලින් ගෙදර ආවම දැනෙන සනීපේ......
ගෙදරට ආව හැටියේ සුසුකියා එයාගේ බෑග් එක ගලවලා පුටුවක් උඩට විසි කරලා සෝෆා එකට පැන්නා.
Risa - ඕයි. මටත් ඉඩක් දීපන්.
ඕන් හරි. ආව ගමන් පොඩි උන් දෙන්නගේ යුද්දේ.
Hazoki - ආ. උඹලා දෙන්න විතරක් දිග ඇදුණම ඇතිනේ. අහකට වෙනවලා. මටත් ඉඩක් ඕනේ ඔතනින්.
පොඩි උන් දෙන්නා මැදට හසොකිත් පැනලා සෝෆා එකට පොර කන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ නම් මටත් ඒ වලියට පනින්න ලොකු දොලදුකක් ඇති වුණා.
Mia - මේ මේ. මේ ගෙදර තව කට්ටියට ඉන්නවා කියලා අමතක වුණාද? මටත් ඉඩක් දීපල්ලා.
Yuna & Ara - මුන්ට සැප. ඔහොම හිටු. අපිටත් ඉඩක් ඕනේ.
දැන් නම් සනීපයි. සකුරා ඇරෙන්න සෙට් එකම සෝෆා එකට වලි. තව චූට්ට වෙලාවකින් සකුරා ඇවිල්ලා අපි හය දෙනාගෙම කන් රත් කරපුවම ඊටත් වඩා සනීපයි.
අපි හිතුවේ එහෙම දෙයක්. ඒත් සිද්ද වුණේ වෙන දෙයක්.
Sakura - ඒයි. උඹලා අදත් සෝෆා එකට වලිද? අහකට වෙනවලා ඔතනින්. මමයි ලොකු එකා. මට තමයි ඔතන ඉඳ ගන්න ලොකුම අයිතිය තියෙන්නේ. කෝ කෝ. චිප් චිප්.
සකුරා එහෙම කියලා අපි කට්ටියවම පහළට ඇදලා දාලා සෝෆාවේ දිගා වුණා. අපි හය දෙනා කොන්ෆියුස්.
Ara - මොකක්ද බං ඒ වුණේ?
Mia - අපි ඩවුන් ද පල්ලං වුණා නේද?
Susuki - මට නම් තාම හිතාගන්න බෑ ඇයි මේකිම අපේ ලොකු එකී වුණේ කියලා.
Sakura - පින තමා සිස් පින. මේ ආත්මෙවත් පිං කරහං ඊළඟ ආත්මේ පවුලක ලොකු එකෙක් වෙන්න.
Susuki - අනෙ අම්මපා මගෙ කට............
Sakura - හා හා. කට බැරිනම් ඕන මගුලක්. දැන්වත් ලෑස්ති වෙනවලා.
Yuna - ඇයි කොහෙ යන්නද?
Sakura - කොහෙද අහන්නේ. එන්ටර්ටේට්මන්ට් බිල්ඩින්ග් එකට මිසක්. හා හා යනවලා ගිහින් ලෑස්ති වෙනවලා.
Hazoki - දැන් අපිට කියන්නේ උඹ ලෑස්ති වෙලා ඉවරද?
Sakura - යකූ. මෙච්චර වෙලා මෙතන ඉඳලත් උඹලා මං ඇඳගෙන ඉන්නෙ මොකක්ද කියලවත් දැක්කෙ නැද්ද?
අපි ඒ වෙලාවෙදි තමයි දැක්කේ සකුරා යුනිෆෝම් එක මාරු කරලා එන්ර්ටේන්මන්ට් බිල්ඩින්ග් එකට යන්න ලෑස්ති වෙලා කියලා. අපි තාමත් හිටියේ යස්සනියො ටික වගේ ඉස්කෝලේ යුනිෆෝම් එකෙන්මයි. අපි හය දෙනාම කටවල් වහගෙන හීන් සැරේ එතනින් මාරු වුණේ අපි ඒ වෙද්දිත් සකුරට පැරදිලා නිසා.
කොහොමින් කොහොම හරි ටික වෙලාවක් යද්දි අපි හය දෙනත් ලෑස්ති වෙලා සාලෙට ආවා. සකුරා තාමත් පුටුව උඩ දිගාවෙලා.
Mia - හහ්. ලොකු නෝනා. සැපට සෝෆාවේ ඇදිලා හිටියා මදෑ. දැන්වත් යමුද?
Sakura - ඇහ්. අහ්. උඹලා ලෑස්ති වෙලා ආවද?
Yuna - ඇයි උඹ හිතුවෙ අපිට ඇඳුම් මාරු කරන්න වරුවත් යයි කියලද?
Sakura - නෑ ඉතින් වෙනදට උඹලා එහෙමනේ. හරි හරි. ඒකෙන් වැඩක් නෑ. ගෙදරින් එලියට බහිනවලා.
සකුරා එහෙම කියාගෙන සෝෆාවෙන් නැගිටලා ආවා. ඊළඟට අපි හත් දෙනාම ගෙදරින් එළියට බැහැලා එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එක පැත්තට යන්න පිටත් වුණා.
ඔන්න ළමයි අදට ඉවරායි. 🙂
ඊළඟ චැප්ටර්ස් ටික පස්සේ.
එතකල්..........
බායි 🥰💓💓👋👋
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 3 ✨
Start from the beginning
