Susuki - අඩේ.
Risa - පට්ටයිනේ.
Sakura - එළකිරි බං. කොහොමත් අපි එන්ටර්ටේන්මන්ට් බිල්ඩින්ග් එකට යන්න ඉස්සෙල්ලා කන්නත් එපෑ.
අපේ සකුරා කීයටවත් වෙන ලොකු අක්කලා වගේ නම් නෙමෙයි කියන එක පැහැදිලි වෙන්න මේක හොඳ අවස්ථාවක්.
Ara - එහෙනම් ලෙට්ස් ගෝ ගයිස්.
Risa - යමු යමු යමු පාවී පාවී.
Susuki - කැෆේ එකක් දකින තුරා.............
Yuna - යූ ආ ද ප්ලෙස් වෙයාර් අයි රිලැක්ස් මයි වේරි බොන්ඩ්.
හත් දෙනා එක්කම එහෙන් මෙහෙන් අහුලගත්ත සින්දු කෑලියි, ඒවට තමන්ගෙ ස්වයං නිර්මාණ කෑලියි එකතු කර කර මෑෂප් ගහන ගමන් ඉස්කෝලේ මැද්දෙන් ඇවිදගෙන ගිහින් තාප්පෙන් එළියට පැන්නා. එහෙම එළියට පැන්න ගමන් අපි දැක්කේ ඉස්කෝලේ ළඟම තිබ්බ විත්යූ කැෆේ එක.
Hazoki - සේන්දු වෙමු සුදෝ විත්යූ කැෆේ එකට.
Mia - තව මොනවද බල බල ඉන්නේ. යමූ.
අපි හත් දෙනා එක්ක කඩාගෙන බිඳගෙන විත්යූ කැෆේ එකට දුවගෙන ගියා. ඊළඟට හත් දෙනත් එක්කම ඇති වෙනකල්ම අනුභවය ක්රියාත්මක කරගෙන ගියා.
Yuna - වාහ්. මේ චොකෝ මූස් එකේ පුදුම රසක්නෙ අප්පා තියෙන්නේ? හසොකි. පොඩ්ඩක් බලහං මේක.
Ara - ආ. මටත්.
Yuna - උඹට නෙමෙයි හසොකිට කිව්වේ. දැන් උඹ ඕවයින් දෙක තුනක්ම ඉවර කළා නේද?
Ara - හී. ඒමත් වුණාද?
Susuki - අනේව්. මේ කැෆේ එක මට තියාගන්න හිතෙනවා අෆ්ෆා. පුදුම රහක්නෙ මේකේ කෑමවල තියෙන්නේ.
Sakura - රහ වගේ නෙමෙයි දැන් බිල ගෙවන්න ගිහාම.
Risa - ඇයි සකුරා? අපි ළඟ කවද්ද සල්ලි අඩු වුණේ? ඊයේ කොන්සට් එකෙන්ම කීයක්............. ආව්. මොකාද ඒ මගේ කකුල පාගපු එකා.
රිසා ළඟ හිටපු සුසුකි රිසාගේ කකුල හයියෙන් පෑගුවේ තව පොඩ්ඩෙන් රිසාගේ කටින් අපේ ලොකුම රහස එළියට එන නිසා.
Susuki - කට පරිස්සම් කරගෙන කතා කරපං. ගොනෙක් වුණා කියලා ගොංකම ප්රකාශ කරන්න එපා.
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 3 ✨
Start from the beginning
