Ara - ඇයි බං මට සුකියගේ කටහඬ නිකම් මගේ කන ඇතුළේ දෝංකාර දෙනවා වගේ ඇහෙන්නේ?

Yuna - ඒ. ඔව්නෙ බං. මටත් ඇහෙනෝ ඇහෙනෝ වගේනේ.

Risa - කන ඇතුළෙ නෙමෙයි යකුනේ. පොඩ්ඩක් ඔය මොළ ගෙඩි වලින් හිතලා පිටිපස්ස හැරෙනවලකෝ.

ඒ පාර රිසාගේ කටහඬක් ඇහෙනවා. අපි හතර දෙනාම ඩිම් වෙලා පිටිපස්ස බැලුවා. අපේ ගෙඹි පොඩි උන් දෙන්නා හිනා වෙවී අපේ පිටිපස්සේ හිටගෙන හිටියා.

Susuki - හෙලෝ කොහොමද ඉතින් ජීවිතේ?

Risa - උඹලා රවුම් ගහද්දි අපිට නිකම් ඉන්නත් බෑනේ බං.

Mia - උඹලා පන්තියෙන් පැන්නද? නැත්තම් අපි වගේම...........

Susuki - කියන්න දෙයක් නෑ හලෝ. අපිවත් එව්වෙ අර පිනාගේ ඔෆිස් එකට යන්න කියලා තමයි.

Hazoki - හම්මට. එල. දැන් තියෙන්නේ ලොක්කක්කව එළියට කැන්දගන්න තමයි.

Ara - බය වෙන්න එපා හසෝ. තව පැය බාගයක් යද්දි ලොක්කක්කත් එළියෙ තමා.

Yuna - උඹ කොහොමද බං එහෙම කියන්නේ?

Mia - ආ මට තේරුණා වැඩේ. අපේ පන්තිය ඉවර වෙලා අර ට්‍රන්ච්බුල් යන්නේ ඒ පන්තියටනේ.

Yuna - ආ හරි හරි. අයි කැන් අඩස්ටෑන්ඩ් ද සිටුවේෂන්. ඒනම් කෙල්ලනේ අපි එතකල් රවුමක් ගගහා ඉමු.

ආරා කිව්වා වගේම හරියටම පැය බාගයක් යද්දි සකුරත් ගස්සගෙන කොරිඩෝවෙන් එළියට මතු වුණා. අපි හය දෙනාම එයා ළඟට ගිහින් එයාව සාදරයෙන් පිළිගත්තා.

Susuki - ආ ලොක්කක්කේ.

Risa - පන්තියෙන් කට්ටි පැනලා වගේ.

එකපාරටම නොහිතපු වෙලාවක් අපි හය දෙනා ඇස් ඉදිරිපිටට පැන්නම සකුරා ගැස්සිලා ගියා.

Sakura - මොකක්. උඹලා මොනවද මෙතන කරන්නේ?

Mia - ඔයාට වෙච්ච සන්තෑසියම තමයි අක්කණ්ඩි.

Sakura - ඒ කියන්නේ අර සද්දන්ත බුල්ඩෝසරේ උඹලවත් එළියට දැම්මද?

ලොකු එකා කියලා වෙනසක් නෑ. සකුරගෙත් අපි වගේම ගුරු ගෞරවේ වෑහෙනවා.

Hazoki - ඔව් ඔව් බං. මොකෝ කියන්නේ. කට්ටියත් එක්කම කැෆේ එකකට සේන්දු වෙමුද?

7 PowersWhere stories live. Discover now