Mira - මම නම් වැඩියෙන්ම ආස සෝයිගේ රැප් වලට. මට නම් හිතාගන්න බෑ කෙල්ලෙක් කොහොමද එහෙම රැප් කියන්නේ කියලා.
Ara - අනේ ඉතින් සෝයි මැණික උඹත් බැහැපන් දැන් පහළට. ඔහොම ගියොත් වහළෙත් කඩන් අහසටම යයි.
මීරාගේ වර්ණනාවෙන් උඩ යන්න ගිය යූනාව ආරා පහළට ගත්තේ ඒ විදිහට. කොච්චර ලොකු වුණත් වෙලාවකට මුන් දෙන්නා පොඩි උන් දෙන්නටත් වඩා අන්තයි.
ඉන්ටර්වල් එක ඉවර වෙලා අපිට තිබ්බේ හිස්ට්‍රි. හිස්ට්‍රි ටීවර් වෙනදා වගේම වෙලාවටත් කලින් පන්තියට කඩාගෙන පැන්නා.
Ara - අඩේ බං මේ මොන එහෙකටද මේ වගේ හිස්ට්‍රි ටීචර් කෙනක් අපිට හම්බවුණේ?
Mia - තාම ඉන්ටර්වල් එක ඉවරත් නෑ. පුදුම අමාරුවක්නේ මෙයාට තියෙන්නේ මෙතන.
Maya - අම්මපා මට මෙයාට ටීචර් පට්ටම දුන්න එකා අහු වුණොත් කෑලි කරනවා.
Hazoki - ඕන් දැන් පටන් ගනියි හෑල්ල.
Yuna - ළමයි. දැන් ඔයාලා කවුරුත් මෙතන නිදාගන්නේ නෑ. නිදා ගන්න කට්ටියව මම යවනවා ප්‍රින්සිපල් ළඟට. පන්තිය තියෙන්නේ නිදාගන්න නෙමෙයිනේ. යැව් යැව් යැව්.
යූනා කටත් ඇද කරගෙන අපේ හ්‍රිස්ට්‍රි ටීචර්ව අනුකරණය කරද්දි ටීචරුත් හරියටම ඒ විදිහටම ඒ ටික කියන්න ගත්තේ හිනාවල් හිර කරගෙන අපි මැරෙන්න ඕන් මේන් තියෙද්දි.
History teacher - ළමයි. දැන් ඔයාලා කවුරුත් මෙතන නිදාගන්නේ නෑ. නිදා ගන්න කට්ටියව මම යවනවා ප්‍රින්සිපල් ළඟට. පන්තිය තියෙන්නේ නිදාගන්න නෙමෙයිනේ. ඇත්තටම ගුරු ගෞරවේ නැති මේ වගේ පන්තියක් මම දැක්කමද කොහෙද. පුදුම වෙන්න දෙයක් නෑ. සමහරුන්ට නම් ඒක ගෑවිලාවත් නෑනේ ඉතින්.
හිස්ට්‍රි ටීචර් කිව්වේ අපි හතර දෙනා දිහා එයාගේ අලි තඩි දුෂ්ට ඇස් දෙකෙන් බලන ගමන්. එයා ඒක අපිට හින්ට් එකක් විදිහට ගැහුවට ඒක ගනන් ගත්තේ අපි නෙමෙයි.
අන්තිමට පට්ටපල් හෑල්ලකින් පස්සේ එයා පාඩම පටන් ගන්න බෝඩ් එක දිහාට හැරුණට පස්සේ මම හෙමින් අනිත් තුන් දෙනා දිහා බලලා ඇහැක් ගැහුවා. එයාලත් ඔලුව වනලා හෙමින් සැරේ මේසේ උඩ තිබ්බ එයාලාගේ පොත් ටික අස් කරන්න පටන් ගත්තා. මායායි, මීරායි මේ දිහා බලාගෙන හිටියේ එයාලාගේ ඇස් ජිල් බෝල වගේ ලොකු කරගෙන.
Mira - උඹලා මොනවද ඔය කරන්න යන්නේ?
Mia - යන්නෙ නිදාගන්න.
මම එහෙම කියලා මගේ අන්තිම පොතත් බෑග් එකට දාගත්තා. මේක අපි හතර දෙනා කලින් ඉඳන් කරන්න ප්ලෑන් කරන් හිටපු දෙයක්. අපි කට්ටියම මේ පීරියඩ් එක එනකල් තමයි බලාගෙන හිටියේ පොඩි නැප් එකක් දාන්න.
Maya - උඹලට පිස්සුද බං?
Mira - අර ගෑනි උඹලව පිනා ළඟට යවයි.
Yuna - ඉතින්.
Ara - අපිට මොකෝ.
Hazoki - යවාගන්න කියන්න.
අපි හතර දෙනාම එහෙම කියලා ඩෙස් උඩ ඔලුව තියාගෙන නිදාගන්න පටන් ගත්තා. මීරායි, මායායි හොල්මනකට බය වෙච්ච දෙන්නෙක් වගේ ටිකක් වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා ආයෙත් පාඩම් පොත් වලට එබුණේ අපිව හදන්න බෑ කියලා උන් දෙන්නට තේරුණ නිසා.
Next part ➡➡
ESTÁS LEYENDO
7 Powers
Fantasíaලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 2 ✨
Comenzar desde el principio
