අපි පන්තියට යද්දිත් උගන්නන්න පටන් අරගෙන. ඒ වුණත් අපේ පලපුරුද්දේ හැටියට ටීචර්ට පේන්නේ නැති වෙන්න පන්තියට පැන ගන්න අපිට මහ ලොකු ගේමක් දෙන්න වුණේ නෑ. අපි හතර දෙනාගේ අතිජාත මිත්‍ර පරාණ දෙක වෙන මීරායි, මායායි අපිට එක ළඟ මේස ටිකක් අල්ලලා තිබ්බ නිසා සේප් එකේ අපි ඒ ටිකට පැන ගත්තා.
Mira - අදත් විනාඩි විසි පහයි තප්පර දහ නවයක් ඔයාලා පරක්කුයි.
Ara - අනේ කමක් නෑ බං.
Yuna - ඊයේ ඔයිට වඩා වෙලා ගියේ.
ආරායි, යූනායි හිනා වෙවී පහක් දැම්මා.
Maya - අනේ උඹලත් මාර ඩයල් ටිකක් බං. දැංවත් අහගනින් පාඩම.
මායා එහෙම කිව්වම අපි අපේ කියවිල්ල නවත්තලා දිගම දිග එපා කරපු සයනස් පාඩමක් අහගෙන හිටියා. අන්තිමට ටීචර් එයාගේ අලි තඩි හෑල්ල ඉවරයක් කරලා පන්තියෙන් එළියට යද්දි අපි හිටියේ ඒක අහගෙන ඉදලා හෙම්බත් වෙලා.
Maya - ඒක නෙමෙයි බං. උඹලා දන්නවද අලුත්ම නිව්ස් එක?
ඉන්ටර්වල් එක වෙලාවේ මායා එයාගේ පත්තරේ දිග ඇර ගත්තා.
Hazoki - මොකක්ද බං?
Mira - මාස්ක් ගර්ල්ස්ලාගේ අලුත්ම සෝන්ග් එක අද රිලීස් වෙන්න යන්නේ.
Yuna - ඒහ් ඇත්තමද?
යූනා රඟපාන්න පටන් ගත්තා. ඇත්තටම මාස්ක් ගර්ල්ස්ලා කියන්නේ අපි කියලා එයාලා කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඒ වගේම අපිත් ඒ රහස රැකගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා අපිත් යූනාට එකතු වෙලා රඟපාන්න පටන් ගත්තා.
Mia - අඩේ මරුනෙ බං. දැන් කීයටද ඕක රිලීස් වෙන්නේ?
Ara - මට නම් ඉවසිල්ලක් නෑ බං.
Maya - ඔව් බං. හතරහමාරටලු රිලීස් වෙන්නේ. මං මේ පෙරුම් පුර පුර බලාගෙන ඉන්නේ ඩාරිගේ බේස් පාට් එක අහන්න. ඒවා පට්ටම පට්ටම පට්ටම පට්ටයි.
මායා බෙරිහන් දෙන්න ගත්තේ අපේ ආරා හීන් සැරේ අඩි දෙක තුනක් උඩ යන්න ලෑස්ති වෙද්දි.
Yuna - හා හා මිස් ඩාරි. බලාගෙන වහලෙ ඔලුව වදියි.
යූනා ආරාගේ කනට කරලා කිව්වේ මීරාටයි, මායාටයි නොඇහී අපිට ඇහෙන විදිහට. මමයි, හසොකියි පැත්තකට වෙලා හිකි හිකි ගාද්දි ආරා යූනා දිහාට ගිනි ගන්න බැල්මක් දැම්මා.
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 2 ✨
Start from the beginning
