Sakura - ඒක හොඳයි. එහෙනම් සින්ඩි. අපි හත් දෙනා හෙට එන්ටර්ටේට්මන්ට් එකට එන්නම්.
Cindy - හරි සකුරා. හතරහමාරට නේද?
Sakura - ඔව්. ඒ වෙලාව හොඳයි.
Cindy - හරි එහෙනම්. අපි ඔයාලාගේ ෆෑන්ස්ලාට අනවුන්ස්මන්ට් එකකුත් දාන්නම්කෝ.
Sakura - ඒක හොඳයි සින්ඩි. එහෙනම් අපි යනවා.
Cindy - හරි ගර්ල්ස්. හෙට ඉස්කෝලෙත් එක්කනේ. බායි.
All - බායි.
අපි හත් දෙනා සින්ඩිගෙන් සමු අරගෙන අපේ ඩෝම් එකට ආවා. දැන් තියෙන්නේ හෙට ඉස්කෝලේ යන්න බඩු ලෑස්ති කරන මහා සංග්‍රාමය.
Susuki - ඒයි. මොකාද මගේ හිස්ට්‍රි පොත ගත්ත එකා. රිසා!!!
Risa - මං ගත්ත හිස්ට්‍රියක් නෑ ඕයි. උඹ දාපු තැනක ඇති. මම මේ මගේ මැත්ස් පොත හොයනවා. හෙට ඒක නැතුව ඉස්කෝලේ ගියොත් අර සර් කාරයා අපිව තම්බගෙන කයි.
Ara - යූනා!
Yuna - හ්ම්ම්.
Ara - යූනා!!!!!
Yuna - මොකද ඕයි කන ළඟ තියාගෙන බෙරිහන් දෙන්නේ?
Ara - මැරුම් නොකා මෙහෙ දීපම් මගේ මේස් දෙක.
Yuna - මේස්?? මොන මේස්ද?
Ara - මොන මේස්ද අහන්නේ? දීහං මගේ මේස් එක.
Yuna - උඹේ මේස් කොහෙද මං ළඟ?
Ara - උඹ ළඟ කොහෙද? අනේ මේ යනවා හලෝ යන්න. ඇයි මේකේ ඉන්න වෙන උන්ට පුළුවන්ද මගේ මේස් දාන්න. උඹට විතරනේ ඒක දාන්න පුළුවන්. මෙහෙට දීපන් ඒ දෙක.
ඕවා තමයි ඉතින් හැමදාම ඇහෙන තියෙන ටුයින් වලි. ඔය අතරේ මට වෙලා තිබ්බේ ඔයිට එහා ජංජාලයක්. ඒ වෙලාවේ මම හිටියේ අපේ ඇඳවල් යට රිංගන ගමන්. කලුවරේ ඇඳවල් යට රිංගද්දි මගේ ඔලුව මොකාගෙද මන්දා ඔලුවක දඩෝස් ගාලා වැදුණා.
Hazoki - බුදු අම්මෝ. මෙන්න බල්ලෙක්.
හසොකියා එහෙම කෑගහන ගමන් එයාගේ අතේ තිබ්බ ටවල් එක මගේ ඇඟ උඩට දාගෙන හූ තියන්න පටන් ගත්තා. හසොකියා පූසන්ට ආදරේ වුණාට බල්ලන්ට නම් පරාණ බයයි.
Mia - අලේව්. මම බල්ලෙක් නෙමෙයි යකෝ. මම මියා.
Hazoki - ඇහ්. මියා. මොකක්ද මෝඩියේ ඇඳවල් යට රිංග රිංග කරන්නේ? මම හිතුවේ අපේ ඩෝම් එකට බල්ලෙක් පැනලා කියලා.
Mia - අනේ ඉතින් රෝස මලක් වගේ අහිම්ෂක මටනේ මේ අපහාස? හුවෑෑෑෑෑෑැ. මේක මහ කුරිරු ලෝකයක් දෙයියනේ.
Hazoki - හරි හරි ඕයි. නහයෙන් අඬන්නෙ නැතුව කියාංකො දැන් මොකෝ උඹ ඇඳවල් යට රිංගන්නේ කියලා?
Mia - හුවෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ. මගේ පොත් බෑග් එක අන්තරස්දාන් දෙයියෝ. මං කොහොමද හෙට ඉස්කෝලේ යන්නේ දැන්.
මම ආයෙත් මගේ ඈඬියාව පටන් ගත්තා. ඒ එක්කම අපිට ඇහුණේ මොකක් හරි වැටෙන සද්දයක් එක්කම සකුරාගේ ඝාණ්ටාරේ.
Sakura - හය දෙනාම මෙහෙට එනවලා.
සකුරාගේ ඝාණ්ටාරේ නාද කළේ නම් හොඳකට වෙන්න බෑ. මොකක් හරි මරාලයක් පාත් වෙන්න වගේ යන්නේ. අපි හය දෙනාම මී පැටව් ටිකක් වගේ හෙමින් සකුරාගේ සද්දේ ඇහුණ පැත්තට ගියා. එයා හිටියේ අපේ ඩෝම් එකේ තියෙන අපේ ලට්ට ලොට්ට දාන අලි තඩි යකඩ කබඩ් එක ළඟ. එයාගේ කකුල් දෙක ළඟ තිබ්බේ අපි කට්ටියගෙම නැති වුණ බඩු ටික. සුසුකිගෙයි, රිසාගෙයි පොත් ටික, ආරාගේ මේස් දෙක, යූනාගේ සපත්තු දෙක, හසොකිගේ වොච් එක වගේම මගේ වස්තුව මගේ බෑග් එකත් එතන තිබ්බා.
Susuki & Risa - අනේ මගේ මැණික...................
පොඩි උන් දෙන්නා එකපාරටම දුවලා ගිහින් උන් දෙන්නගේ පොත් දෙක උස්සගෙන නටන්න පටන් ගත්තා. මුන් දෙන්නා පොත් වලට මෙච්චර ආදරෙයි කියලා දැනගත්තෙ අදමයි.
Yuna - ආරා.
Ara - මොකෝ?
Yuna - දැන් උඹේ මේස් දෙක තිබ්බෙ මං ළඟද?
Ara - හරි හරි ඉතින්. වෙනදට මගේ බඩු තියෙන්නේ උඹේ ළඟනේ.
ආරා යූනට ගස්සගෙන ගිහින් එයාගේ මේස් දෙක ගත්තා. යූනත් ගිහින් එයාගේ සපත්තු දෙක අරගෙන ආවා.
Sakura - උඹලා දෙන්නත් දැන් බඩු ටික අරගෙන ලෑස්ති වෙනවලා. මොකෝ මං බුලත් දෙනකල්ද බලාගෙන ඉන්නේ?
සකුරාගේ සද්දෙට මම ගැස්සුණා. බිම තිබ්බේ මගේ බෑග් එකයි, හසොකිගේ වොච් එකයි. සකුරා හිටියේ නම් තරහෙන් පිපිරි පිපිරි. ඒකට හේතුවත් අපිම තමයි. අපේ කොන්සට් එකට යන්න කලින් අපි අපේ බඩු සේරම ඔය කබඩ් එකට විසි කරලා තමයි ගියේ. අපි ඒක කළේ සකුරට හොරෙන්. පිළිවෙලක් නැතුව කබඩ් එකට බඩු විසිකරනවට එයා පොඩ්ඩක්වත් ආස නෑ. මොකද ඉතින් එතකොට එයාටනේ ඒවා අස් කරන්න ගිහින් වැඩ වැඩි වෙන්නේ.
Mia - හී හී. බෑග් එක හොයලා දුන්නට තැන්කූ සෝ මච් මගේ සුදු අක්කණ්ඩී.
මම බටර් පාරක් ගාගෙනම ගිහින් මගේ බෑග් එක උස්සගෙන ගියා. හසොකිත් සේප් එකේ එයාගේ වොච් එක අරගෙන කුප්ප හිනාවකුත් දාගෙන එතනින් පැනගත්තේ එයා විතරක් එතන ඉතුරු වුණොත් එයාට තනියෙන් කන්න වෙන නිසා.
Next part ➡➡
YOU ARE READING
7 Powers
Fantasyලෝකෙම වශී කරගත්ත සංගීත කණ්ඩායමක් එකපාර අතුරුදහන් වුණොත්.............. ඒ එක්කම ෆැන්ටසි ලෝකය බේරගන්න බල මූලාශ්රයන් හතක්???
Part 1 ✨
Start from the beginning
