"හ්‍යුන්ග් කියන්න.....""ටේයා... කලබල වෙන්නෙපා හොදද?"
"හරී හ්‍යුන්ග් කියන්න... "
"මිස්ටර් ජියොන් ඔයා ලග අර පොටෝ එක තියෙනවද? ඒක පෙන්නන්න ටේයාට"
"ඉන්න..."
No one pov
ජියෝන් එයාගේ පර්ස් එක අරන් ඒකේ දාගෙන හිටපු පොටෝ එකක් ටේහ්‍යුන්ග් ට දික් කරා. ඒක දැක්කාම ටේහ්‍යුන්ග් ට හිතා ගන්න බැරි වුනා මොකක්ද වෙන්නේ කියලා. ඇස් වල කදුලු පුරවන් ටේහ්‍යුන්ග් ඒ පොටෝ එක අතට ගත්තා. ඒ තමයි ටේහ්‍යුන්ග් දකින්න ආසම පොටෝ එක. ටේහ්‍යුන්ග් එයාට මාස දෙකක් වගේ වෙන පොඩි කාලේ එයාගේ තාත්තාගේ අත් දෙක උඩ ඉන්න පොටෝ එකක්. ටේහ්‍යුන්ග් එයාගේ කබර්ඩ් එක ඇරලා ඒකේ ලොකර් එකකින් එ් පොටෝ එකම එලියට ගත්තා. එයා ඒ දෙකම තියලා බැලුවා. ඒ පොටෝ දෙකම එක සමානයි. එයාට ඒත් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුනා.
"මිස්ටර් ජියෝ ඒ කියන්නේ ඔයා අපේ තාත්තාගෙ හොද යාලුවෙක්ද? මම මේ පොටෝ එකට ගොඩක් ආසයි. මොකද මම හිතන්නේ මේ තමයි තාත්තා මාත් එක්ක හිටපු ආදරණියම දවස් කියාලා.."
පොටෝ එකේ තිබුනේ අත් දෙකක් උඩ බබෙක් ඉන්න එකක්.
ටේහ්‍යුන්ග් පොටෝ එක බලලා අායෙම මිස්ටර් ජියෝන් ට කතා කරන්න මිස්ටර් ජියෝන් දිහා බැලුවා. එතකොටයි ටේහ්‍යුන්ග් දැක්කේ මිස්ටර් ජියෝන් ගේ ඇස් කදුලු වලින් පිරිලා තියෙනවා..
"මිස්ටර් ජියෝන් ඔයාට තාත්තාව මතක් වුනාද?"
"ඔව් ප්ප්පුතේ මට මිස්ටර් කිම්ව මතක් වුනා.."
"ඒත් මිස්ටර් ජියෝ්න් මට දුකක් නෑ එයාව මතක් වෙද්දි. ඇයි දුක් වෙන්නේ ඔයාත් එයා හොදින් ඉන්නවනේ ලන්ඩන් වල... ඔයත් ලන්ඩන් ඉන්න එකේ එයාව හම්බවෙන්න පුලුවන්නේ.."
YOU ARE READING
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...