Kimtaehyung pov
යූශින්ග් ගේ චැප්ටර් එක ක්ලෝස් කරලා අපි ගෙදර ආවා. අපි එද්දිත් ජන්ග්කුක් ගෙදර ඇවිත් හිටියේ නෑ. වෙනදට මට ගෙදර කවුරු හිටියත් නැතත් ගානක් නැති වුනත් අද ගෙදරට එද්දිම මට ජන්ග්කුක් ව මතක් වුනා හරියට මම එද්දි එයා ඉන්නෝන වගේ. ඒත් මම එද්දි එයා හිටියේ නැ. මම කාමරෙට යද්දි පුරුදු විදියටම යූ සන්ග් එලියට ආවා.
"යූ සන්ග් ඔයා කාලා නේද ඉන්නේ?"
"ඔව් ඩැඩී. මම කෑවා."
"යූ සන්ග් මගේ කකුල් දෙක මාසාජ් කරනවද? මට ටයර්ඩ් අද"
"ඩැඩීට ටයර්ඩ් වුනාට පේන්න නම් ටයර්ඩ් ගතියක් නෑ. ඩැඩී ගොඩක් සතුටින් වගේ"
"හිකස් අද කෙනෙක්ගේ කතාවක් ඉවර කරා කාලෙකට පස්සෙ..."
"ඩැඩී.... ඩැඩීට විරුද්ධ වෙන හැමෝවම ඩැඩී ඒ විදියට ඉවරයක් කරනවද?"
"ඔව් මට රැවටීම කියන දේ පෙන්නන්න බෑ.. යු සන්ග් හරියට දන්නෑ වගෙනේ අහන්නේ..."
"යූ සන්ග්ට කකුල් මසාජ් කරන්න කියලා බෙඩ් එකට වැටිලා එයාගේ ප්‍රශ්න වලට උත්තර දිදි ඉද්දිම මට නින්ද ගියා.. "
kimtaehyung pov end
At evening
"ජන්ග්කුක් ආවද ඔයා ?"
"ඔව් යුන්ගියා.. මොකෝ ගියපු වැඩේ...
"ඒක වුනේ නෑ."
"ඇයි මොකද වුනේ....?"
"වොශ් එකක් එහෙම දාගෙන එන්නකෝ කතාව කියන්න. හදිස්සි යක් නෑනේ..."
"හරි එහෙනම්...."
Jungkook pov
ටේහ්‍යුන්ග්ගේ කාමරේ පහු කරද්දි මට එයාව බලන්න හිතුනත් එයාගේ බැනුම් අහනවට වඩා නිකන් ඉන්නෙක හොදයි කියලා හිතල මම වොශ් දාන්න ගියා. වොශ් දාලා එහෙමම මම පහලට ආවේ යුන්ගිලා එක්ක කතා කරන්න ගොඩක් දෙවල් තිබුන නිසා... මම පහලට එද්දි ටේහ්‍යුන්ග් නිදි මතේම පුටුවකට වෙලා හිටියා. එයා ඒ ඉන්න විදිය දැක්කාම මට එයාව ඒ විදියටම බෙඩ් එකට අරන් යන්න හිතුනා. මම ටේහ්‍යුන්ග් ව දැකපු හැමපාරකම හිතුවේ මනුස්සයෙක්ට මේ තරම් ලස්සන වෙන්න පුලුවන්ද කියලා. නිදාගෙන ඇහැරුන ගමන් වුනත් එයාගේ තිබුනේ කෙනෙක්ගේ හැගිම් අවුස්සන්න පුලුවන් වගේම ගොඩක් ලෝබ හිතෙන පෙනුමක්. මම පඩිපෙලේ ඉදන් එයා දිහා බලන් හිටයේ වට පිටාවේ හැමදේම අමතක කරලා..
YOU ARE READING
PARTNER ☑
Fanfictionමම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි...