Chapter 21

449 85 37
                                    

Jungkook pov

අද කම්පැනි එකට එද්දි වෙනදට වඩා පරක්කු වුනා. ඒ නිසාම මම උදේම තිබ්බ වැඩ ටික ඉක්මනට ඉවර කරේ රිලැක්ස් වෙලා ටේහ්‍යුන්ග් ට කෝල එකක් අරන් එයා ගැන බලන්නෝන නිසා. මම එද්දිත් එයා නිදාගෙන හිටපු නිසා මට එයාට දැන් කොහොමද කියන එක දැනගන්නෝන වුනා. මොන වැඩේ තිබුනත් පලවෙනි රාජකාරිය විදියට එයාව මතක් වෙන එකට මටම පුදුම හිතුනා.

"ජන්ග්කුක් ගොඩක් සතුටින් වගේ"

"යොන්ජුන් ඔව්... ගොඩක්..."

"ඒ කියන්නේ ටේහ්‍යුන්ග් ගේ වැඩේ හරිද?"

"ආහ් ඒක ඔව්.. ඒක හරී.."

"මේ තියෙන්නේ අලුතෙන් ආව ඉන්ග්‍රීඩියන්ට් වල ඩොකියුමන්ට් ටික. අලුත් ප්‍රඩක්ට් එකේ බඩු ටික ආවා. අද ලැබ් එකේ ටෙස්ට් එක කරලා බලනවා."

"ඒක හොදයි.. මම හවස් වෙලා ලැබ් එක පැත්⁣තේ ඇවිත් යන්න එන්නම්... "

"හරී ජන්ග්කුක් මම යන්නම් එහෙනම්...."

යොන්ජුන් ගියාම එයා දුන්න ඩොකියුමන්ට්ස් ටිකත් බලලා මම ටේහ්‍යුන්ග් ට කෝල් කරේ එයාගේ තත්වේ ගැන දැන ගන්න...

"හෙලෝ ටේටී.... කොහොමද දැන්...."

"ගොඩක් හොදීන්... එන්න⁣කෝ ගෙදර සතියක් වැඩට යන්න බැරි වෙන්න වැඩේ කරනවා..."

"ආහ් ඒ කියන්නේ තාම අමාරුයිද.. ?"

"නෑනෑ කුකී දැන් ⁣හොදයි.. අපි කොහේ හරි යමූ..."

"කොහෙද...?"

"මට මගේ හිත නිදහස් කරගන්නෝන... ඒ නිසා කොහේහරි..."

"හිත නිදහස් කරගන්න නම්... බීච් යමුද...?"

"යමූ රෑ වෙලා ගොඩක්"

"හරී මම වැඩ ඉවර කරලා ආවාම යමූ. ඒත් කොහේ බීච් එකටද යන්නෝන.. ?"

"මම දන්නෑ එහෙම මම ඔය වගේ ගමන් ගිහින් නෑනේ...."

"ඒ කියන්නේ ඔයාට මාත් එක්ක ඩේට් එකකට යන්නයි ඕනි නෙහ්...?"

"කවුද කිව්වේ එහෙම...?"

"කෙලින්ම කිව්වනම් ඉවරනේ..."

"විකාර මම කිව්වේ මට රිලැක්ස් වෙන්න ඕනි කියලා.. ඕනි නැ මම ගෙදරම ඉන්නම්...."

PARTNER ☑Where stories live. Discover now