Chapter 24

402 82 11
                                    

"ටේයා....."

"ටේයා...."

"ටේයා ...."

"මොකද යුන්ගියා කෑ ගහන්නේ....?"

"ජන්ග්කුක් තාම ආවේ නෑ..... යද්දි මොනවා හරි කියල ගියාද?"

"ඔව් ආයේ එන්නැ කිව්වා.."

"මොකක්?"

"ජන්ග්කුක් ඒකා අපි හැමෝටම චීට් කරා. හිතන්න පුලුවන්ද මෙතන හිටපු විදියට ඒ වගේ දෙයක් කරයි කියලා.... ?"

"ටේයා ජන්ග්කුක් කියන්නේ එහෙම කෙනෙක් නෙමේ.. එයා එහෙම කරන්නෑ..."

"එත⁣කොට මේ මොනවද බලනවා මේවා... එක එකා ගෙට දාගෙන මහා ලොකුවට විශ්වාස කරනවා. දැන් හරිනේ හැමෝගෙම අමාරුව...."

"වටිද ෆක්."

"වට්ද ෆක් නෙමේ ඔය මිස්ටර් ජියොන් ජන්ග්කුක් ශින්හේ එක්ක අපිට හොරෙන් ඉන්න විදිය..."

"එදා චයිනා වලට අපේ බඩු ගියපු නැති එක ගැන මට දැන් හොදට තේරෙනවා. එදා බඩු මාරු කරා.  ජන්ග්කුක් දැනගෙනම එදා අපේ බඩු වෙනුවට ශින්හේ ගේ බඩු යවන්න ඇත්තේ.. මේ විදියට තව අපිව පාවිච්චි කරලා ශින්හේ ට කොච්චර දෙවල් කරන්න ඇතිද?  විශ්වාස කරන්න පුලුවන්ද?"

"දැන් ජන්ග්කුක් කොහෙද?"

"මම දන්නවද කොහෙද කියලා... මරන්න බැරිකමට යැව්වා. ඉස්සරහට තව ප්‍රශ්න වෙයි. ඌ අපි ගැන ගොඩක් දෙවල් ශින්හේ ලට දීලා ඇති. හ්‍යුන්ග් මෙවා දැනගන්නකන් ජන්ග්කුක් ට මොකුත් කරන්න.බෑ. ඒ නිසා ඌ ගැන ටච් එකේ ඉන්න ලීයන්ග්ව යවන්න.."

"ලී යන්ග්. ජන්ග්කුක් ගේ මැන්ෂන් එක ලග ඔත්තු බලන්න. යන එන තැන් හැමදේම"

"හරී යුන්ගී බොස්..."

"ටේයා මට හිතා ගන්න බෑ ඔයා එයාව නිකන්ම යැව්වා කිව්වාම..."

"මටත් හිතාගන්න බෑ යුන්ගියා. මට ඌව මරන්න බැරිවුනා කියන එක."

Kimtaehyung pov

යුන්ගි එක්ක කතා කරලා මම ආයෙම මගේ රූම් එකට ආවා. හිතාගන්නවත් බැරි තරම් වේදනවාක් එක්ක මම සීවිලිම දිහා බලන් හිටියා. ජන්ග්කුක්ට මැන්ෂන් එකෙන් යන්න කියපු වෙලාවේ ඉදන් එයා යන විදිය මම මගේ රූම් එකේ ජනේලෙන් බලන් හිටියා. එයා ඒ දේ කරේ නෑ එහෙම දෙයක් නෙමේ ⁣වුනේ මේකයි වුනේ කියලා එයා මට කියයි කියලා හිතුනා. එයා මගේ රූම් එකට ඇවිත් ඇත්තම හේතුව කියයි කියලා හිතුනා. මැන්ශන් එකේන් එයාගේ කාර් එක එලියට යනකන්ම ආයේ එයා ඇවිත් කතා කරයි කියන විශ්වාසෙ එයා අපිට චීට් කරේ නෑ කියන විශ්වාසේ තිබුනා. ඒත් එයා ගියපු තප්පරේ ඉදන් ඒක වෙනස් වුනා. ලගට එන කාවවවත් මම කවදාවත් විශ්වාස කරන්නෑ. ඒත් ජන්ග්කුක් ව මම ගොඩක් තදින් විශ්වාස කරන්න පටන් ගත්තා. එයාගේ ජීවිතේට ගොඩක් තදින් ලන් වුනා. වෙන කා එක්කවත් නැති විදියේ බොන්ඩ් එකක් මට ජන්ග්කුක් එක්ක ඇති වෙන්න පටන් ගත්තා. මගේ ජීවිතේ මට කියලා කවුරුත් හිටපු නැති කාලෙක ජන්ග්කුක්ව මට මගේ කියලා දැනෙන්න ගත්තා. ඒත් එයාව දැනුන ඒ චූ⁣ටි කාලෙන්ම එයාව මට නැති වුනා කාටවත් පෙන්නන්නැතුව මම මගෙ ⁣හිතේ වේදනාව හිරකරගෙන කාමරේ ඇතුලටම වෙලා හිටියා.

PARTNER ☑Onde histórias criam vida. Descubra agora