"කියනවා තමුසේ නේද අද ශින්හේ ලව ගෙන්නුවේ.... "

"බොස්... මම "

"ඇත්ත කියනවා......"

මම අායෙම ගහන්න පටන් ගත්තා..

"ඔව් බොස් මම මම තමයි ගෙනාවේ. යූ යූ සන්ගේ කෝල් එකෙන් පස්සේ මම ශින්හේ ලගට ගියා. බොස් මට ස්ස්මා වෙන්න... බොස්.... ශින්හේ සුබින්ගෙන්වත් යොන්ජුන් ගෙන්වත් කිසිම තොරතුරක් නැති නිසා උදේම කට්ටිය එක්ක ආවා... බොස් මට සමාවෙන්...."

"මම එතනින් එහාට බෙකිට ගහන එක නතර කරා..  "

"ලී යන්ග් ඔයාලා කට්ටියම මුන් දෙන්නගෙන් විනෝදවුනානේ නේද? තුන් දෙනාවම කැමති දෙයක් කරලා ඉවරයක් කරනවා. මට පේන්න බෑ මේ වගේ උන්. මුන්ට කන්න දීලා බලාගන්න එකට වෙන්න මුන් මෙහෙම කරේ. මම යනවා. ලී යන්ග් කට්ටයක්ව දාලා මැන්ෂන් එක ක්ලීන් කරන්න."

"හරී බොස්..."

මම ලී යන්ග්ට ඕඩර් එක දීලා ආයෙම හ්‍යුන්ග්ලා හම්බවෙන්න ආවා.
.
.
.
.
"හ්‍යුන්ග් මේ හැමතැනම ලේ...  මගේ රූම් එකට යමු ක්ලියර් කරනකන්..."

"හරී යමු ටේයා"

"මම කට්ටියම එක්ක මගේ රූම එකට ආවා."

"ලොකු තාත්තේ අපි යමු ගෙදර. අපිට තවත් මෙහේ ඉදන් කරන්න දෙයක් නෑ..."

"ජන්ග්කුක් පුතේ ඇයි මේ..?"

"ලොකු තාත්තා කියන්නේ මගේ තාත්තා මරපු මිනිස්සු එක්ක මට තවත් ඉන්න කියලද?"

"පුතේ අපි එද්දිම ජුන් පුතා කිව්ව දේ මතක නැද්ද
ඔයා මැරුවේ ඔයාගේ තාත්තා මරපු මිනිහව.."

"ලොකු තාත්තේ දැන්වත් එහෙනම් මට ඒ කතාව කියන්න. මොකක්ද මේ හැමෝම දන්න මම විතරක් නොදන්න මගේ තාත්තා මරපු හේතුව
කවුද ඇත්තටම මැරුවේ..?"

"මම කියන්නම්... මුලින් මේක අහන්න..."

Call record

"හ්‍යුන්ග් ?"

"මල්ලි කියන්න..."

"හ්‍යුන්ග් මම මේ කියන දේ අහල කලබල වෙන්නෙපා... මට හිතෙනවා මට වැඩි කාලයක් ජිවත් වෙන්න වෙන්නැතිවෙයි කියලා.  මල්ලිත් ශින්හේ ලා එක්ක එකතු වෙලා ඉන්නේ.  මට මේ ටිකේම ශින්හේ ලගෙන් පුදුම විදියට තර්ජන ආවේ. උන් කොහොම හරි මේ අපේ බිස්නස් එකත් එක්ක උන්ගේ ජාවාරම් කරන්න හදන්නේ. මල්ලි මේ හැමදේටම සපෝර්ට්. මම පටන් ගත්ත බිස්නස් එකට මම මල්ලිවයි ඔයාවයි හවුල් කරගන්න හැදුවත් ඔයා ආවේ නෑ. ඒත් මල්ලි ආවා. එයා ශේයාර්ස් මොකුත් දැම්මෙ නෑ. මේ ඔක්කොම මගේ වියදමින් පටන් ගත්ත ඒවා. ඒත් ප්‍රොෆිට්ස් අපි දෙන්න ආතරම බෙදුනා. මොකද අපි තුන් දෙනා හිටපු විදිය දන්නේ අපි. මට හ්‍යුන්ග් ඔයා මේකට ජොයින් වුනේ නැති එක ගැන දැන් සතුටුයි. එහෙනම් උන් ඔයාවත් විනෘශ කරන්න හදයි මම වගේම. ඒත් මම පටන් ගත්ත මේ බිස්නස් එක වැටෙන්න දෙන්න බෑ. පුතා තව ටික දවසකින් ග්‍රැජුවෙට් වෙනවා. එතකොට එයා මේ හැමදේම බලාගෙන ⁣හරියට කරගෙන යයි. මම පුතාට හැමදාම කියලා දිලා තියෙන්නේ පවුකාර අසාධාරණ වැඩ කරන්නෙපා. මාෆියාව එක්ක සම්බන්ධ වෙනනෙපා. මං කරා වගේ පාඩුවේ බිස්නස් එක කරන්න කියලා. පුතා කිසිම දෙයක් දන්නෑ හ්‍යුන්ග්. එයා දන්නේ මම හිත නිදහසේ බිස්නස් එක කරගෙන ආවා කියලා විතරයි. එ්ත් අවුරදු හතරක පහක ඉදන් මට නිදහස තිබ්බෙම නැ. තිබ්බේ ශින්හේගේ තර්ජන ගොඩක් එක්ක බයෙන් ගත කරපු ජීවිතයක්. අයියේ හරිම දවසට මේ හැමදේම පුතාට කියන්න. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. එයා  බිස්නස් එක හරියටම කරගෙන යයි."

PARTNER ☑Where stories live. Discover now