22ɴᴅ ʏᴀᴋsᴇᴏᴋ...♡

754 129 15
                                    

🕊️ට්-ටේ බේබී .. !!!!!!!





කම්මුල් දිගේ කදුලු කැට කඩාන වැටෙද්දී ඉන්හා ඉක්මනට දුවගෙන ගියේ ලේ විලක් මැද ලස්සනට හිනාවෙලා වැටිලා ඉන්න ටේහ්‍යුන්ග් ගාවට.


🕊️ට්-ටේ .. ටේ .. ??!! ආයිශ් .. ජන්කුක් .. ජන්කුක් ..!!!!

ඉන්හා ඉක්මනට ටේ ලගට ගිහින් තමන්ගේ ගවුමෙන් කෑල්ලක් ඉරලා අරගෙන ටේගේ ලේ ගලන අතෙන් ගැටගහලා අඩ අඩම කතාකරේ ජන්කුක්ට ..

ඉන්හා කෑගහන පරක්කුවට ජන්කුක් හිටියේ ටේගේ දොර ලග .. රූම් එක ඇතුලට දුවගෙන ආව ජන්කුක්ගේ කකුල් පන නැති වුනේ ටේ ඉන්න විදිය දැකලා ..

වම් අතේ තිබ්බ බ්ලේඩ් කෑල්ලෙන් ජන්කුක්ට හිතාගන්න පුලුවන් උනා දකුණු අතේ තියන තුවාලෙට හේතුව .. ගගක් වගේ අත දිගේම ලේ ගලාන ගියාට ටේගේ මූණෙනම් හරි ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා .. ඒ ඔම්මා කෙනෙක්ගේ මූණේ තමන්ගේ දරුවා වෙනුවෙන් ඇදෙන ලස්සන අව්‍යාජ හිනාවක් .. හැබැයි , ඒ හිනාව ඇතුලේ මහලොකු වේදනාවකුයි වෛරයකුයි හැංගිලා තිබ්බා ..




















@Hospital~

ජන්කුක් හිටියේ හොස්පිටල් රූම් එකේ දොරෙන් රූම් එක ඇතුල බලාගෙන .. අත බැන්ඩේජ් කරලා හිටපු ටේ හිටියේ තවමත් සිහිය නැතිව ..

ඔය අතරේ ඉන්හා හිටියේ ඩොක්ටර් එක්ක කතාකරන ගමන් ..

"මේ පේශන්ට්ව ඩිස්චාර්ජ් කරගෙන ගිහිනුත් තාම සතියක්වත් නෑ .. ඔයාලා මෙයා ගැන හොයලා බලන්නැද්ද .. ?? අනික ඔයාලට තේරෙනවනේ තමන්ගේ ළමයා බඩේ ඉද්දිම නැතිවුනාම එයාගේ සිටුවේශන් එක .. ඉතින් එයා ලගටම වෙලා ඉන්න .. තවපාරක් සූසයිඩ් කරගන්න ඉඩතියනවා .. රෑටත් මෙයාලගින්ම ඉන්නවනම් හොදයි .."

🕊️ම්ම්හ් හ්-හරි ඩොක්ටර් තෑන්ක්ස් .. ම්-මන් එහෙම කරන්නම් ..

ඩොක්ටර්ට බෝ' කරපු ඉන්හා එහෙන්ම ගියේ දෝර් එකෙන් ඇතුල බලාන තනියෙන් මුමුණ මුමුණ කදුලු හලන ජන්කුක් ගාවට ..

🕊️ක්-කූ .. ??!!

ඉන්හා ජන්කුක්ගේ උරහිසට අත තියලා කතාකරද්දි ගැස්සුන ජන්කුක් ඉක්මණට කදුලු පිහගෙන තොල් අතර හිනාවක් රදවගෙන ඉන්හා දිහාවට හැරුනා ..

Yakseok~||TK|| 🔞✔Où les histoires vivent. Découvrez maintenant