10ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

1K 168 30
                                    

චූටි චූටි කුරුල්ලෝ සින්දුවක් මුමුණන ගමන් තමන්ගේ වැඩ පටන්ගනිද්දී මිනිස්සුත් සෝල් නුවර පුරා එහෙ මෙහෙ සැරිසැරුවේ තමන්ගේ වැඩ වලට යන ගමන්.

කර්ටන් අතරින් ඇවිත් ආසාවෙන් ටේගේ මූන සිපගත්තත් ඒ හිරු කිරණ ටේට වදයක් උන නිසා අනිත් පැත්ත හැරුන ටේ ඩුවට් එක අස්සේ ඔලුව ගහගත්තේ කලින් දවසේ රාත්‍රිය මතකවත් නැතුව.

ජන්කුක්ගේ හීනි ශක්තිමත් ඉන තමන්ගේ චූටි අත්වලින් බදාගෙන ඇස් දෙක පියාගත්ත ගමන්ම ආයෙත් ඇස් අරින්න උනේ එලාම් එක තමන්ගේ රාජකාරිය පටන්ගත්ත නිසා.

ඒත් අද තමා ඒ එලාම් එක රස්සාව කරන අවසාන දවස...🙂💔

💚ආයිශ්...

ඩුවට් එක අස්සෙන් හූනු පැටියෙක් වගේ ඔලුව එලියට දාලා එලාම් එක දිහා මරණීය බැල්මක් දාපු ටේ එලාම් එක අතට ගත්තේ හොද දේකටනම් නෙවෙයි.

......................................................................................................

💚අම්ම්ම්හ්~

හොද හුස්මක් ගත්ත ටේ ආයෙත් ජන්කුක්ගේ ලොකු අතක් අල්ලගෙන නින්දට වැටුනේ එලාම් එක ඇද අස්සේ නිදිකරවන ගමන්.


















@1.24 Pm...

💜ම්ම්ම්හ්~

තාම උදේ කියලා හිතාන නැගිටපු ජන්කුක් එහෙන්ම අනිත් පැත්ත හැරුනේ එයාගේ ඒන්ජල්ව නැගිට්ටවන්න.

ඒත් ඊට කලින් වෙලාව බලන්න ඕනි කියලා හිතපු ජන්කුක් බෙඩ් ටේබල් එක දිගේ අත ගෙනිච්චේ ටේ දිහා බලාගෙන.ඒත් ජන්කුක්ගේ අතට අහුවුනේ කටු ඇනෙන යමක් විතරයි.

ටේගෙන් ඇස් අහකට අරන් බෙඩ් ටේබල් එක දිහාවට ඇස් අරන් ගිය ජන්කුක් දැක්කේ ටේබල් එකේ තියන විසිතුරු පතොක් ගහ විතරයි.ඒත් ඔරලෝසුව අතුරුදහන්...

💜ආයිශ්!!කෝ ඒක??මෙතනනේ තිබ්බේ!!

ජන්කුක් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන ගමන් නලලත් ඇගිලි වලින් පොඩි කරන ගමන් කල්පනා කරන්න ගත්තේ එයාගේ දම්පාට ඔරලෝසුවට මොකද උනේ කියලා

ඔරලෝසුව හොයන එක පැත්තකට දාලා ජන්කුක් හැරුනේ නිදාන ඉන්න එයාගේ ඒන්ජල්ව ඇහැරවන්න.

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now