14ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

788 131 1
                                    

2 Hours Later~

ටේ එකපාරම ඇහැරුනේ තමන්ගේ තොල් වලට දැනුන සීතල ස්පර්ශය නිසා.හෙමීට ඇස් ඇරපු ටේ දැක්කේ ඇස් දෙකත් පියාන තමන්ගේ තොල් සිපගන්න ජන්කුක්ව.

හෙමීට ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සහට එක අතක් අරන් ගිය ටේ ජන්කුක්වත් සිපගත්තේ ජන්කුක් ලාවට ගැස්සිලා ආයෙත් යතාතත්වෙට පත්වෙද්දි.

විනාඩි ගානකින් සිපගැනීම අවසන් වෙද්දී ටේ කලේ ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සහ තිබ්බ අතින් ජන්කුක්ගේ ඔලුව අතගාපු එක.

ජන්කුකුත් හිනාවෙලා ටේගේ බෙල්ල අස්සේ ඔලුව ඔබාගත්තේ ආයෙත් ඇස් දෙක පියාගන්න ගමන්.

ටිකවෙලාවකින් ටේ තමන්ගේ හඩ අවදි කලේ තමන්ට ආපු ප්‍රශ්නෙට පිළිතුර දැනගන්න.

💚කුකී...??

💜හ්ම්...

ජන්කුක් උත්තර දුන්නේ ටේගේ බෙල්ලෙන් ඈත් වෙලා.

💚මන් කොහොමද ඇදට ආවේ?මන් හිටියේ සෝෆා එකේනේ...

ටේ ඇහුවේ ආයෙත් පාරක් ටේගේ බෙල්ල අස්සේ මූණ ගහගත්ත ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් ඇගිලි යවන ගමන්.

💜මන් ගෙනාවේ...ටේ මන් කියලා තියනවා ඔය විදියට එකේක තැන්වල නිදාගන්න එපා කියලා.නිදිමතයිනම් ඇදට ඇවිල්ලා නිදාගන්න...

💚හිතලා නිදාගත්තෙ නෑ...Rice Cake ටික කාලා එහෙන්ම හාන්සි උනාම නින්ද ගියා...ආයේ මන් ඇදට එන්නම් හරිනේ?

ටේ කිව්වේ ජන්කුක්ගේ සිනිදු කොණ්ඩේ උඩින් හාදුවක් තවරන ගමන්.

💜රසයිද ඒ ටික?මන් තෝරලා Chocolate Crunch එකෙන්ම ගෙනාවා...

ජන්කුක් එහෙම කියද්දි ටේ ජන්කුක්ගේ ඔලුව අතගාන එක නවත්තලා ඇදේ ඉදගත්තේ ජන්කුකුත් පුදුමෙන් වගේ ඇදේ ඉදගද්දි.

💜ඇයි?

💚Chocolate?මොන Chocolate Crunch ද?එතන තිබ්බේ Apple Cinnamon Flavour එකනේ...

💜What??මට හොදට මතකයි මන් ගත්තේ Chocolate Crunch Falvour එකෙන්...

ජන්කුක් කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.

💚ඔයාට අමතක වෙන්න ඇති...හරි හරි මොකක් හරි Rice Cake නේ...

ටේ කිව්වෙ ඇදෙන් බහින්න ලෑස්ති වෙන ගමන්.

Yakseok~||TK|| 🔞✔Donde viven las historias. Descúbrelo ahora