ඇස් පියාගන්න හදන හැමවෙලාවකම මට ජන්ග්කුක් ව පේන්න ගත්තා. එයා ලග හිටපු ඒ පොඩි වෙලාවල් දවස් දෙක තුනක් කරපු දෙවල් වුනත් මට ගොඩක් මතක් වෙන්න ගත්තා. හිතාගන්න බැරි තරම් මම අසරණ වෙනවා කියලා මට දැනුනා. අපිට බොරු කරපු වංචා කරපු වෙන ඕනිම කෙනෙක්ව ඒ මොහොතේදිම මරලා දාන මට ජන්ග්කුක් වෙනුවෙන් ගන් එක අතට ගන්නවත් බැරි වුනා. ශින්හේ ⁣එවපු පොටෝස් වල ඇත්ත නැත්ත මට හොයාගන්න ඕනි වුනා.  ඒ නිසාම මම අපේ රැට් ට කතා කරන්න කියන්න ආයෙම යුන්ගිව හොයන් ගියා..

"යුන්ගි
යුන්ගියා  ......."

"ටේයා මේ මහ රෑ මොකද මේ...."

"ශින්හේ ලග ඉන්න අපෙ එකාට කියන්න ඇත්තටම අද හවස මොකද වුනේ කියලා කියන්න කියලා.... විස්තර හොයන්න කියලා..."

"මම කිව්වා ටේයා. ඒත් එයා මොකුත්ම දන්නෑලු. මේ දවස් වල එයාව උගේ අර ජරා ජාවාරම කරන පොට් එකට දාලාලු".

"ෆක්.. "

"ඇයි ටේයා..."

"නෑ මට දැනගන්නෝන ඇත්තටම එතන මොකක්ද වුනේ කියලා...."

Jungkook pov

මට කියන්න ඕන වුනා... මොකක්ද වුනේ කියලා. ඒත් එහෙම කරානම් අපි දෙන්නගෙම රෙපියුටේශන් එක ඒ මිනිහා විනාශ කරනවා. ඔයා ගැන මුලු කොරියාවම දැනගන්නවා ඔයාව දකිනවා. මට ඕනී වුනේ නෑ ඒ නිසා ඒ දේ කරන්න.  ඔයා දන්නේ නෑ ටේටි මට ඔයාව දැනෙන විදිය. ඔයා දන්නවද ඔයා මගේ ලග ඉද්දි මට දැනෙන සැනසීම කොච්චරද කියලා. ඒත් පොඩි කාලෙකට ඒ සැනසීම විදින්න විතරයි මට පුලුවන් වුනේ. කවදාවත් කරන්නෑ කියලා මම මටම පොරොන්දු වෙලා හිටපු ඒ ශින්හේ ගේ ජරා බිස්නස් එකේ මාත් දැන් එක හවුල්කාරයෙක්. හෙට ඉදන් මගේ වාහන වල කිඩ්නීස් ට්‍රාන්ස්සර් කරවා. මම දන්නෑ මොකක් කියන්නද මොකක් කරන්නද කියලා. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට සමාවෙන්න. මේ දේ ඔයා නොදැන මට වෛර කරාට කමක් නෑ. අායේ මාත් එක්ක බිස්නස් කරේ නැති වුනාට කමක් නෑ. ඔයා මට ජීවත් වෙන්න හරි චාන්ස් එකක් දුන්නා. හැමදාම ඔයාව මතක් වෙයි ටේටි. අයි ඔල්රෙඩී මිස් යූ. බට් දැන් කරන්න දෙයක් නෑ..

Call

"තමුසේ මට නිදාගන්නවත් දෙන්නැද්ද මිනිහෝ. දැන් තමුසෙට ඕනි විදියටම හැමදේම වුනානේ. මම කිම් මැන්ශන් එකෙන් ආවා. වචනයක්වත් කිව්වේ නෑ. මම විතරක් නෙමේ තමුසෙම ඒක දැනගන්න ඇත්නේ... ⁣"

PARTNER ☑Where stories live. Discover now