Jungkook pov end

Few moment later

"ටේයා ඔයා ලෑස්ති ද..?

"ඔව් ලෑස්ති වෙන ගමන ඉන්නේ..."

"ඉක්මන් කරන්න.... "

"හරී එනවා.."

"යමු එහෙනම්...."

"කෝ හොබී?.. ජන්ග්කුක් ඇයි අද උදේම ගියේ?"

"අද එයාට ෆැක්ට්‍රී විසිට් එකක් තියෙනවා කිව්වා. ඒ නිසා වැඩ ටික ඉක්මනට ඉවර කරන්නෝන කියලා ගියේ... හොබියා ඇති එලියේ අපි යමූ.."

"ආහ් එහෙමත් එකක්ද?"

Kimtaehyung pov

යුන්ගි මමයි එක කාර් එකක අනිත් වෑන් එකේ හොබි ගාඩ්ලා එක්කත් අපි බූසාන් යන්න පිටත් වුනා. හිතට ⁣ලොකු දෙගිඩියාවක් තිබුනා මේ විදියේ ඩීල් එකක් සයින් සයින් කරන ෆර්ස්ට් ටයිම් නිසා. පැය හතරක ගමනකින් පස්සේ අපි බූසාන් වල ග්‍රැන්ඩ් ජෝසුන් එකට ආවා. මීටින් එකට තව පැය තුනක වගේ වෙලාවක් තිබ්බ නිසා මම මට ප්‍රයිවට් බුක් කරපු රූම් එකට ඇවිත් රෙස්ට් කරා. ඇදට වැටුනාම මතක් වුනේ මම උදේ මට විශ් කරන්න ආව ජන්ග්කුක් ට කතා කරපු විදිය. මට එයාට එහෙම කතා නොකර ඉන්න තිබුනා කියන දේ හිතට ආවාත් වුන දේ වුනා කියල මම හිත හදා ගත්තේ ආයෙම චාන්ස් එකක් ආවාම එයාට කතා කරනව කියල හිතාගෙන. එක එක දෙවල් කල්පනා කරන ගමන් මට නින්ද ගියත් යූන්ගිගේ කෝල් එකට මට ඇහැරුනා.

Call

"ටේයා මීටින් එකට වෙලාව හරී එන්න..."

"හරී යුන්ගියා මම එන්නම්."

මම එලියට එද්දි රෑම් එක ලග යුන්ගි හොබී ඇවිත් හිටියා. අපි තුන් දෙනාම මීටින් එක තියෙන රූම් එකට ගියා. මම වට පිට බලද්දි අපේ ගාඩ්ස්ලා තැනින් තැන හිටියා. පලවෙනි පාරට මේ වගේ දේකට යන නිසා මම නිතරම වට පිට බැලුවෙ අපේ සේෆ්ටි එක කොහොමද කියල දැන ගන්න.

"බය වෙන්නෙපා හැමෝම ඉන්නවා ගාඩ් එකට"

"යුන්ගියා හ්‍යුන්ග් නැතුව මූ වෙන කෙනෙක් සයින්ග් කරනවා කියල දැන ගත්තොත් අවුලක් වෙයිද?"

"නෑැ බලමුකෝ අපි"

රූම් එකට එද්දි යූශින්ග් අැවිත් හිටපු නිසා අපි වැඩි වෙලාවක් ගන්නැතුව ඩීල් එක ගැන කතා කරන්න ගත්තා. යූශින්ග් එක්ක ඉස්සර තිබුන විශ්වාසේ දැන් නැති නිසාම අපි තුන් දෙනාම එයා දිහා බැලුවේ සැකෙන්. යූශින්ග් අපි තුන් දෙනා ආවාම නම්ජූන් හ්‍යුන්ග් ව හෙව්වත් අද ඩීල් එකට අත්සන කරන්නේ මම කිව්වාම ඩීල් එක කරගෙන යන්න කැමති වුනේ නෑ.

PARTNER ☑Where stories live. Discover now