"මූයූ?"

දොරට පුංචි තට්ටුවක් දාන ගමන්ම කොල්ලා ඇරුන පොඩ්ඩෙන් ඇතුළ බැලුවෙ ඒ හැටි හිතලා නෙවෙයි. ඒත් ජන්කුක්ට කණ්නාඩියෙන් මූයෝන්ව පෙනුනා. පැත්තට හැරිලා එයා දිහාම බලාගෙන හිටියා. ජන්කුක්ගෙ කටහඩ ඇහුනා උනත් එයා හෙල්ලුනේවත් නෑ. එයා මොනවා කරනවද ජන්කුක්ට තේරුනෙත් නෑ. ඒත් කෙල්ල එයාගෙම ඇග දිහා ගොඩාක් ඕනකමින් බලන් හිටියා. සමහර වෙලාවට පොඩ්ඩක් එහෙමෙහෙ වෙන ගමන්, කොන්ද කෙලින් කරන ගමන් එයා එයාවම අධ්‍යනය කලා.

ටිකක් වෙලා දොරේ හැන්ඩ්ල් එක අල්ලන් හිටපු ජන්කුක් දොරත් ඇරගෙන ඇතුළට ගියේ එහෙම්ම ඉන්න කෙල්ලව පිටිපස්සෙන් බදාගන්න ගමන්. මූයෝන් එයාව ගනන් ගන්නෑ වගෙ දැනුන නිසා ජන්කුක් පුංචි එකෙක් වගෙ තවත් තොල් උල් කරගත්තා. කෙල්ල එයාව ගනන් ගත්තෙත් නෑ. ජන්කුක් දවසම හිටියෙත් මූයෝන් ගැන වදවෙවි.කොල්ලා එයාට කියලා ෆිශ්කේක් ගොඩකුත් උස්සන් ආවා. අඩුම තරමෙ දවසෙම කොල්ලට හරියට කන්නවත් හිතුන්නැ මෙතන! ඒ උනාට මූයෝන් හිටිපිළිමෙ වගෙ ඉන්නව ජන්කුක්ට හලො කිව්වෙවත් නැහ්.

මූයෝන් කොහොමත් කණ්නාඩියෙන් දැක්කා ජන්කුක් ඇවිත් එයාව බදාගන්න හැටි. එයා ඒ දිහා බලාගෙනමයි හිටියෙත්. කොල්ලා අත් දෙක බඩ වටින් දාගෙන මූයෝන්ගෙ උසට ගැලපෙන්න කකුල් ඈත් කරන් පහත් උන හැටි. ඒ මූණ මූයෝන්ගෙ උරහිසෙ තද කරගෙන පොඩි දරුවෙක් වගෙ ඇස් තදකරන් මූණ අකුලගන්න හැටි. කෙල්ල හරි ආසාවෙන් බලන් හිටියා. හැමදාම බදාගත්තට ඒ වෙලාවට කණ්නාඩියකින් බලලා නෑනෙ ඉතින්. මූයෝන් කණ්නාඩිය දිහා බලාගෙනම ලොකු හිනාවක් දැම්මා.

කටත් උලුප්පන් ටිකක් වෙලා මූයෝන්ගෙ ඇදුම නියපොතු ගැහුව කොල්ලා ඇස් අරිද්දිම කණ්නාඩියෙන් දැක්කෙ මූයෝන් ලස්සනට හිනා වෙන හැටි. ජන්කුක් කතා කරනවා වෙනුවට නොදැනිම එක ඇහිබැමක් උස්සලා 'ඇයි' කියලා ඉගිකලා. කෙල්ලත් කලේ 'මුකුත් නැ' ගානින් ඔලුව දෙපැත්තට හොල්ලපු එක.

"දැන් හොදයිද?"

බාත් රූම් එක ඇතුළෙ ඇහෙන දෝංකාරය එක්ක ජන්කුක්ගෙ කටහඩ හරි හරියට ගැලපෙනවා වගෙ මූයෝන්ට දැනුනෙ. කෙල්ලගෙ හිනාව තවතවත් ලොකු උන හින්දම එයා ඔව් කියලා ඔලුව උඩපහල කලා. එයාට අමුතුම හැගීමක් දැනුනා. ජන්කුක් ටවල් එකක් ඇදගෙන තවත් එකක් උරහිසෙන් දාගෙනයි හිටියෙත්. එයාගෙ නිරුවත් පපුවෙ වගේම බාහුවල උනුහුමත් මූයෝන්ට හොදටම දැනෙනවා. කෙල්ලට සතුටුයි. හේතුවක් ඕනිත් නෑ. ඒක සතුටු හැගීමක්. මූයෝන්ට ඒ සතුටට හරි හැටි හේතුවක් තිබුනෙත් නෑ. ඒත් කෙල්ලට ලොකු ආරක්ශාවක් වගෙ දෙයක් දැනුනා එකපාරම. ඉතින් මූයෝන් කලේ තොල් වලින් ජන්කුක් ආසම ආස මූයෝන්ගෙ මල් පිපෙන ලොකු හිනාව දාගෙන හිටපු එක. මොකක්දෝ හේතුවකට මූයෝන්ට මේ වෙලාවෙ ලොකු අවධානයක් ආරක්ශාවක් ඕනි වගෙ දැනිලයි තිබුනෙත්...

Second Chance || JJK (Completed) Where stories live. Discover now